World

මුස්ලිම් පල්ලියේදී අධෝවාත පිටකල අයෙකුට මරණ දඩුවම දෙයි !

මුස්ලිම් පල්ලියේ යාඥාව අතරතුරදී අධෝවාතය පිටකළ තැනැත්තෙකුට මරණ දඩුවම නියම කළ පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වනවා.

අදාළ දඩුවම නියම වී ඇත්තේ මොහොමඩ් අල් වහාබි නමැති 33 හැවිරිදි පුද්ගලයෙකුටයි.

මෙම පුද්ගලයා මීට පෙර මුස්ලිම් පල්ලි 6යකින් අවස්ථා 17කදී පිටුවහල් කර ඇති බවයි ‘පාකිස්ථාන් හෙරල්ඩ්‘ පුවත්පත වාර්තා කර ඇත්තේ.

මරණ දඩුවමට ලක්වූ පුද්ගලයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් දුර්ලභ රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් නිතරම එවැනි දේ සිදුවන බවයි.

රෝගයට ප්‍රතිකාර වශයෙන් එම පුද්ගලයා යම් ද්‍රව්‍යයක් ලබාගෙන ඇති අතර, තින්දුව ලබා දෙමින් විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ “ගුද මාර්ගයට යම් යම් දේවල් ඇතුල් කර ගැනීම කුරාණයෙන් තහනම් කර ඇති“ බැවින් එම පුද්ගලයා දෙවියන්ට, ඉස්ලාම් ආගමට සමාව දිය නොහැකි වරදක් සිදුකර තිබෙන බවයි.

Related posts

නීතිවිරෝධී උද්ඝෝෂණ තීරණාත්මකව මඩින්න බ්‍රිතාන්‍ය අගමැති පොලිසියට බලය දෙයි

Admin

අමෙරිකා – කැනඩා දේශසීමා මුරපොල අසල පිපිරීමක්

Admin

2035 වෙද්දී පෙට්‍රල් වාහන විකිණීම තහනම්

colombotoday

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් නොවන අය “ජිස්යා” බද්ද ගෙවිය යුතුයි. – ඉස්ලාමය හැරගිය අය ෂරියා නීතිය යටතේ මරා දැමිය යුතුයි.

colombotoday

අමෙරිකා හමුදා සාමාජිකයින් 59,000කට කොවිඩ්

colombotoday

බේරූට් වරායේ විශාල ගින්නක්

colombotoday