Colombo Today Local News

පාසල් දැරියන්ට හෙට සිට අලුත් එන්නතක් !

අනාගතයේ ඇතිවිය හැකි ගබ්ගෙල පිළිකා වැළාක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයෙන් ක්‍රියාත්මක කරන ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ‘හියුමන් පැපිලෝමා‘ වයිරස එන්නත පාසල්වල 6 ශ්‍රේණියේ ඉගැනුම ලබන ගැහැණු දරුවන්ට එන්නත් කිරීම හෙට (03) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

එම වැඩසටහන කෑගල්ල, ගම්පහ, කිළිනොච්චි යන දිස්ත‍්‍රික්කවලින් ආරම්භ කිරීමට නියමිත ය. වයස අවුරුදු 9 ත් 13 ත් අතර ගැහැණු දරුවන්ට මෙම එන්නත ලබාදිය යුතු අතර සෑම වසරකම එන්නත් මාත‍්‍රා දෙකක් වශයෙන් එන්නත් කළ යුතු වෙයි.

එක් එන්නතක් ලබාදී මාස 6 කට පසුව අනෙක් එන්නත ලබාදීම සිදුකෙරේ. දිස්ත‍්‍රික්ක තුනකින් ඇරැඹෙන මෙම ව්‍යාපෘතිය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තුවේ.

Related posts

මාධ්‍යවේදීන්ට පුහුණුවක් දෙනවා

Admin

ෆොන්සේකා – සුමන්තිරන් මත ගැටුමක් නිසා තේරීම් කාරක සභාව උණුසුම් වෙයි

colombotoday

දේශීය කිරිපිටි වැඩිවන මිල මෙන්න

colombotoday

සිසුවියන් ට ලිංගික අතවර කිරීමේ චෝදනාට කළුතර උපකාරක පන්ති ගුරා රිමාන්ඩ්

Admin

වව්නියාව ජුම්මා පල්ලිය අසල කඩ පෙළක් ගිනි ගනී.. කඩපෙළ අයින් කරන්නැයි පල්ලියෙන් කියලා !

colombotoday

IMF කමිටු අනුමැතිය ලබාදීම ගැන අවසන් තීරණය අද

Admin