Colombo Today Local Newsextremism & terrorism activities

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් කොළඹ ප්‍රහාරයකට සූදානම්.. ඇමරිකාව රජයට අනතුරු අගවයි !

ඉස්ලාමීය රාජ්‍ය IS ත්‍රස්තවාදීන් කොළඹ නගරයේ ත්‍රස්ත මෙහෙයුමකට සූදානම් වන බවට ඇමරිකානු බුද්ධි අංශ ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි මෙවර ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

රත්මලාන ගුවන්තොටුපලෙන් ගුවන් යානාවක් පැහැරගෙන කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදීමට පවතින සැලසුමක් සම්බන්ධයෙන් මෙසේ අනතුරු අගවා ඇති අතර, මේ දිනවල කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය එහි ප්‍රධානින්ට ගැවසීම සීමා කොට ඇති බවත් එම පුවත මගින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ අයි එස් ත්‍රස්තවාදීන්ගේ හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇති බවට ඇමරිකානු හා ඉන්දියානු බුද්ධි අංශ මීට පෙරද අනාවරණය කර තිබිණි. කොළඹ, මාලිගාවත්ත ආශ්‍රිත ප්‍රදේශවල ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් සීඝ්‍රයෙන් හිස ඔසවමින් පවතින අතර, IS මතවාදයට එළිපිටම සහය දක්වන ‘තව්හිද් ජමාත්‘ කල්ලි සාමාජිකයන් හා අනිකුත් ඉස්ලාමීය කණ්ඩායම් අතර නැගෙනහිර පළාතේ නිරන්තර ගැටුම්ද වාර්තා වේ.

මේ වනවිටත් රටතුල සමහර මුස්ලිම් අන්තවාදීන් නොයෙකුත් චෝදනාව සිංහල බෞද්ධයන් වෙත එල්ල කරමින් රටේ නොසන්සුන්තාවයක් ඇති කරමින් සිටින අතර මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිවිල් සංවිධාන කියා ගන්නා පිරිසක් මුස්ලිම් අන්තවාදීන් සමඟ එක්ව සිංහල බෞද්ධ විරෝධී වැඩසටහන් මෙහෙයවයි. මේ අතර පසුගිය වසරේ රාමසාන් වෙනුවෙන් රාත්‍රි භෝජනය සංග්‍රාහ 3 ක් මුස්ලිම්වරුන් වෙනුවෙන් පැවත් හ. එහෙත් මෙවර කොළඹ ඇමරිකානු තානාපති නිල නිවසේ පසුගිය වසරේ පැවත් වු රාමසාන් රාත්‍රි භෝජනය සංග්‍රහය ද නවතා දමන ලදි.

Related posts

බේකරි නිෂ්පාදනවල මිල ඉහළට ?

colombotoday

ටිපර් රථයකට යට වී මව-දියණිය මරුට

Admin

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද හා හෙට විවෘතයි

colombotoday

Video: ඡන්දෙදි වහ කුප්පි පෙන්නපු ඩිලාන් පගර නැට්ටා අද ජනාධිපතිතුමාට සීනි බෝල කවනවා – හරීන් ප්‍රනාන්දු

colombotoday

පිළිකා ඖෂධ වලින් ගහපු ගැහිලි කෝප් වාර්තාවෙන් හෙළිවේ.. වංචනිකයන්ට ඇමති රැකවරණ !

colombotoday