Colombo Today Local News

සම්මුතිය අවසන්.. ශ්‍රීලනිප ඇමතිවරු 18ක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති, රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූර හොබවන මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ලබන සැප්තැම්බර් මාසයේ දී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය හා එක්ව ඇති කරගත් අවබෝධතා ගිවිසුම ලබන සැප්තැම්බර් මාසයේ දී අවසන් වන බවත් කී ඒකනායක මහතා ඒ අනුව සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.
ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසු ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව කී රාජ්‍ය ඇමැතිවරයා 2020 දී පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනතුරු එසේ කටයුතු කරන බවද කියා සිටී.

Related posts

PCR පරීක්ෂණ කරන මුවාවෙන් නිවසට ආ කොල්ලරුවෝ..

colombotoday

කොත්තමල්ලි, කහකුඩු සමග පාරිභෝගික භාණ්ඩ 10කට පනවා තිබූ පාලන මිළ ඉවතට !

colombotoday

භික්ෂූන් වහන්සේලා දෙදාහක් සමග පැවිදි හඩත් ජන සටන පාද යාත්‍රාවේ

colombotoday

එජාප ප්‍රතිසංවිධාන ඇරඹෙයි.. සාමාජිකයන්ට ඩිජිටල් හංවඩුවක් !

colombotoday

එදා මුස්ලිම් අපිට මුහුණ වහන්න එපා කියපු අයට අද මුහුණ වහන්න වෙලා..!

colombotoday

“එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායට ද්‍රවිඩ නියෝජිතයන් පත් කරයි.

colombotoday