Colombo Today Local News

රට ගිනි තියන ‘පුරවැසි බලයේ‘ පච ලියවිල්ලට එරෙහිව ‘බොදු බලෙන්‘ පොලීසියට පැමිණිළි !

‘පුරවැසි බලය‘ සංවිධානය හා ‘සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරය‘ විසින් පලකල පුවත්පත් නිවේදනයකට එරෙහිව බොදු බල සේනා සංවිධානය විසින් (28) කොළඹ පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පුද්ගලයන් 173 දෙනෙකුගේ අත්සනින් යුතුව 2017 ජූනි මස 25 වනදා ලංකාදීප පුවත්පතේ පලකර ඇති එම නිවේදනය මෙරට තුළ නොපවතින ජාතිවාදයක් සහ ආගම්වාදයක් පිළිබදව අසත්‍ය තොරතුරු පල කරමින් ජාතීන් අතර වෛරය ඇති කිරීම සහ ප්‍රසිද්ධිය ලබා ගැනීමේ අභිලාෂයෙන් පල කල එකක් බව බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කර සිටී.

මුස්ලිම් ජාතිකයන්ට සහ ඉස්ලාම් හා ක්‍රිස්තියානි ප්‍රහාර එල්ල වනවා යැයි ප්‍රකාශ කෙරෙන එම නිවේදනයෙන්, උතුරු නැගෙනහිර පුරාවස්තු සංහාරය, සහ අන්තවාදී කණ්ඩායම්වලින් බෞද්ධ ජනතාවට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් කිසිදු සදහනක් නැත.  එබැවින් එම නිවේදනය ඒකපාර්ශවීය හා සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව සුළු ජනවර්ග අතර වෛරය වැපීරීමේ අරමුණින් නිකුත් කරන ලද්දක් බව පෙනී යයි.

මෙම දැන්වීම පලකිරිම 2007 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත හා දණ්ඩ නීති සංග්‍රහයේ 292 වගන්තිය උල්ලංඝනය කොට ජාතිවාදය පතුරවන ලියවිල්ලක් බැවින් එම සංවිධානයට සහ එහි නම් සදහන් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ද පැමිණිල්ල මගින් ඉල්ලා සිටී.

ජාත්‍යන්තර සංවිධාන සමග එක්වී ඔවුන්ගේ අරමුදල් ලබාගෙන මෙවැනි ආරවුල් ඇති කිරිම සදහා මෙම පුද්ගලයන් කටයුතු කරන බවත් ඒ පිළිබදව වහාම විමර්ශනයක් සිදු කරන ලෙසත් පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වේ.

අදාළ පුවත්පත් නිවේදනය පහතින්. (වීශාල කර බැලීම සදහා ඡායාරූපය මත ක්ලික් කරන්න)

Related posts

නිදන්ගත බෝ නොවන රෝග වැළක්වීම සහ පාලනයට ගෙන ඇති පියවර

Admin

හඩ පට ප්‍රචාරය කිරීම වාරණය කරන්නැයි රන්ජන්ගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි.

colombotoday

ඇමති විදුලි කප්පාදුවක් නැහැ කියද්දී විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවකට වේලාවන් ප්‍රසිද්ධ කරනවා

colombotoday

මුස්ලිම් ඇමැති බලපෑම් එපා…! සියලූ අන්තවාදී බලවේග තහනම් කරමු – ත්‍රෛයිනිකායේ හඬ මෙයයි!!

colombotoday

පාර්ලිමේන්තුව හෙට කැදවනවා…

colombotoday

ලොව වේගවත්ම මිනිසාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday