මෙරට මුස්ලිම් ප්‍රජාව හා ක්‍රස්තියානි ප්‍රජාවට එරෙහිව ප්රචන්ඩ ක්‍රියා සිදු කරන බවත්, ඒ හෙතුවෙන් එම ප්‍රජාවන් දැඩි ලෙස භීතියට පත්ව සිටින්නේ යැයි, බොරු බේගල් ඇද බාමින් රටතුල නැති ජාතිවාදයක් මතු කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ගේ මොළේ පරීක්ෂා කළ යුතුව ඇතැයි අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
‘ජාතිවාදය ආගම්වාදය එපා එපා‘ යැයි පුරවැසි බලය සහ සාධාරණ හෙටක් සදහා ජාතික ව්‍යාපාරය විසින් ජාතික පුවත්පත්වල මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද ලිපියක් මගින් ප්‍රකාශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ‘හිරු‘ රූපවාහිනියේ ‘සළකුණ‘ වැඩසටහනේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේලෙස බොරු ප්‍රචාර කිරීමට ඉඩ දිය නොහැකි බව අවධාරණය කළ ඇමතිවරයා, මෙම පුද්ගලයන්ගේ ක්‍රියාකාලාපය පිළිබදව ජනතාව දැනුවත් විය යුතු බවද ප්‍රකාශ කර සිටියේය. පිස්සන්කොටුවේ සිටිය යුතු පුද්ගලයන් එලියේ ඉන්නා බවට ඔප්පු කිරීමට මෙම පුද්ගලයන්ගේ හැසිරීම හොද සාධයක් යැයිද ඇමතිවරයා කියා සිටියේය.
[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1480588591979414/” width=”550″ height=”400″ onlyvideo=”1″]