Colombo Today Local News

බදු නග්ගන අලුත් පනත සූදානම්.. ජූලි මුල් සතියේ පාර්ලිමේන්තුවට !

ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන නව දේශීය ආදායම් බදු පනත යටතේ ක්ෂේත්‍ර ගණනාවකට බලපාන බදු අනුපාත ඉහළ දැමීමට යෝජිතය.

ඒ අනුව දැනට සීයට 10කට යටත් කර ඇති කෘෂි අංශයේ උපයන ආදායම මත පනවා ඇති බද්ද ඉහළ යනු ඇත. කෘෂි අංශය සඳහා නව පනතින් නියම කර ඇති බදු අනුපාතය 14% කි.

මේ හැර දැනට සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන මත පනවා තිබෙන 10%ක බද්ද 14% දක්වාද, අපනයන මත පනවා තිබෙන 10% බද්ද 14% දක්වාද, හෝටල් ක්ෂේත්‍රය සඳහා පනවා ඇති බද්ද 12% සිට 14% දක්වාද ඉහළ දැමෙයි.

බැංකු කර්මාන්ත, රක්ෂණ ව්‍යාපාර ලීසිං ව්‍යාපාර වලින් අයකෙරෙන බදු අනුපාතය 28%ක් බවද වාර්තා වෙයි. මේ හැර මෙතෙක් බදු නිදහස ලබාදී තිබූ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිෂ්පාදන අපනයනය, කන්ටේනර් ප්‍රතිඅපනයන කටයුතු ආදියද 14% බද්දට යටත් කර තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ මත රටේ ආදායම ඉහළ නැංවීම හා දේශීය බදු ක්‍රමය සරල කිරීම සඳහා මෙකී අලුත් බදු ක්‍රමය රටට හඳුන්වා දීමට නියමිතය. මෙම බදු ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඉරිදා දේශය

Related posts

සේවකයෝ කුඩු නැතුව පොහොර පටවන්න බෑ කියයි

Admin

පරදින එක ඉර හඳ වගේ විශ්වාසයි

colombotoday

ළමයින් තලා පෙළන රියැලිටි වැඩසටහන්වලට තිත ?

colombotoday

ගාල්ල තැපැල් කාර්යාලය වැසේ

colombotoday

වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයි

colombotoday

ස්විස් සේවිකාව සතුව දුරකථන තිබෙනවා. බන්ධනාගාර බුද්ධි අංශයට තොරතුරු. සෝදිසියකදී දුරකතන 5ක් හමුවේ.

colombotoday