Colombo Today Local News

‘පාඨලී චම්පික‘ යනු බුදුන් වහන්සේලාට සෙවණ දුන් බෝධීන් දෙකක්.. හෙ.උරුමයෙන් බඩ කොරවෙන විග්‍රහයක්

ජාතික හෙළ උරුමය විසින් ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඇතැමුන් චම්පික රණවක ඇමතිවරයාට ‘පා.ච. රණවක‘ කියා ඇමතීම සම්බන්ධයෙන් එහි ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වරණසිංහ මහතා අපූරු විග්‍රහයක් ගෙනහැර පෑවේය.

ඔහු සදහන් කළේ ‘පාඨලී සහ චම්පික‘ යනු බුදු රජාණන් වහන්සේලා දෙනමකට බුද්ධත්වය ලැබීමට සෙවන දුන් බෝධීන් වහන්සේලා දෙනමකට කියන නම් බවයි. ඔහු මේ බව සදහන් කළේ උදය ගම්මන්පිල මහතා එම පක්ෂයේ සිටින කාලයේ ඔහු  විසින් මුද්‍රණය කළ පත්‍රිකාවක් ගෙනහැර දක්වමිනි. දැන් ගම්මන්පිල මහතාම චම්පික රණවක ඇමතිවරයා ගැන සදහන් කිරීමේදී ‘පා.ච. රණවක‘ යැයි සදහන් කරන බවත්, එසේ කීමෙන් ඔහු  බෝධීන් වහන්සේලාට අපහාස කරන බවත් නිශාන්ත වර්ණසිංහ මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් ගම්මන්පිල මහතා ‘පාච රණවක’ යයි අමතන්නේ ‘දිසානායක මුදියන්සේලාගේ ජයරත්න’ හිටපු අගමැති දි.මු. ජයරත්න වූයේ යම් සේද ‘පාඨලී චම්පික රණවක’ ‘පාච රණවක’ යන අර්තයෙන් බව පවසා ඇත. (ඇතැමුන්ගේ උච්චාරණයේදී පාච රණවක ‘පච රණවක’ ලෙස ඇසේ)

Related posts

ව්‍යාජ වෛද්‍යවරුන් හා මධ්‍යස්ථාන වැටලීමට කඩිනම් පියවර

Admin

වෙළෙඳ ඇමති ඩුබායි යයි

colombotoday

රුපියල් කෝටි 18 ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සුඛෝපභෝගී බස් රථයකින් හසුවේ

colombotoday

අගෝස්තු 31තෙක් ක්‍රියාත්මක වන පරිදි ඊයේ නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කෙරේ

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තවත් සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday

ජාතිවාදයට යටවූ මනුස්සකම.. ColomboToday පුවත තහවුරු කරන වීඩියෝවක් මෙන්න

colombotoday