Colombo Today Local News

“ඥාණසාර හිමි සගවාගෙන ඉන්නේ ආණ්ඩුවෙන්“ නෝම්බි ඇරිමේ උත්සවයේ දී මහින්ද කියයි

මුස්ලිම් ජාතිකයන් රාමසාන් උපවාසය අතහැරීමේ “නෝම්බි ඇරීමේ“ උත්සවයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

එම අවස්ථාවට මුස්ලිම් රටවල් කිහිපයක තානාතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී මාධ්‍ය වේදීන් නැගූ පැණයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සගවාගෙන සිටින්නේ ආණ්ඩුව විසින් බවයි. ජාතිවාදී සංවිධාන මර්ධනයට නව නීති අවශ්‍ය නොවන බවත් පවතින නීති හොදටම ප්‍රමාණවත් බවත් ඇතිවෙමින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම මැදිහත් වී විසදුමක් දිය යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේය.

ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලකයන් එකිනෙකාට චෝදනා කරගැනීමේ තත්ත්වයක් මතුව ඇත. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම ඇතිව ඇමති විජේදාර රාජපක්ෂ විසින් ඥාණසාර හිමියන්ට රැකවරණය දෙන්නේ යැයි එජාප හිතවාදී වෙබ් අඩවි රාවයක් ගෙන ගිය අතර, ඇමති චම්පික රණවක විසින් ඥාණසාර හිමියන් සගවාගෙන සිටින්නේ යැයි විපක්ෂය විසින් චෝදනා කර තිබිණි. රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ද ඥාණසාර හිමියන්ට දිගට හරහරට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, උන්වහන්සේට රැකවරණය දෙන්නේ යැයි ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයට චෝදනා කර සිටිති.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1468677029837237/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරම කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්නැයි උපදෙස්..

Admin

ලසන්ත ඝාතනය තමාපිට දාන හේතුව හිටපු ආරක්ෂක ලේකම් කියයි !

colombotoday

දික්වැල්ලේ පොලිස් වැටලීමකදී සොයා ගත් ගිනි අවි

colombotoday

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ජිනීවා සාක්‌ෂි 3000 ක්‌ බිඳ වැටේ

colombotoday

අද හෝ හෙට පෙට්‍රල් නෞකාවක් දිවයිනට – ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචිය අවසන් වනතුරු තෙල් බෙදන්නේ නැහැ.

colombotoday

PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday