Colombo Today Local Newsextremism & terrorism activities

ISIS ත්‍රස්තවාදීන් භාවිතා කරන Captagon-Fenethylline මත්පෙති තොගයක් මඩකලපුවෙන් මතුවෙයි !

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් භාවිතා කරන වර්ගයේ මත්පෙති තොගයක් මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන ඇති බව දෙමළ මාධ්‍ය වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ isis ත්‍රස්තවාදීන් යුද පිටියේදී ආක්‍රමණශීලීව සිටීම සදහා භාවිතා කරන බව පැවසෙන Captagon හා Fenethylline යන මත්පෙති වර්ගයයි.

ලංකාව හරහා අයි.එස් ත්‍රස්තවාදීන්ට වේදනා නාශක ඖෂධ යැවීමේ ජාවාරමක් පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබුණු අතර, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව හරහා ප්‍රවාහනය කරමින් සිටි එම වේදනා නාශක තොගය ඉතාලි වරායකදී අත්අඩංගුවට පත්ව තිබිණි.

ISIS ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කිරීම සඳහා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව භාවිතා කරමින් පවතින බවට ඇමරිකානු ආරක්ෂක අංශ ද මෙරටට අනතුරු හඟවා තිබේ.

Related posts

විගණන වාර්තා භාර නොදුන් පක්ෂ 4ක් මැතිවරණ කොමිසමට කැඳවයි

colombotoday

යාපනය, වලිකාමම් අධිආරක්‍ෂිත කලාපයේ ඉඩම් අක්කර 683ක් මුදාහරියි

colombotoday

තෙල් මිල අඩු කරත් ත්‍රීවීල් ගාස්තුවේ අඩු වීමක් නෑ

Admin

වැල්ලවාය – අයිස්පීල්ල කඳු රක්ෂිතයේ ගින්නක්

Admin

ජනපති රාජිතගේ 20න් 14ක් කපා දමයි…

colombotoday

ආනයනික ලොකු ලූනු කිලෝවකට රුපියල් 40ක බද්දක්

colombotoday