Colombo Today Local News

“දක්‍ෂිණ අධිවේගයට එල්ල වන චෝදනා ආණ්ඩුවේ විලි වසා ගැනීමටයි..“ – ඒකාබද්ධ විපක්ෂය

ඉකුත්දා ඇති වූ ආපදා තත්ත්වය කළමණාකරණය කිරීමට නොහැකි වූ ආණ්ඩුව එය වසා ගැනීමට පසුගිය ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවයි.

එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ද එවැනි අරමුණකින් සිදු කරන ඇති බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගය හේතුවෙන් ගංවතුර තත්ත්වයන් වැඩි වී ඇති බවත් එම මාර්ගය රට මැද තැනූ වේල්ලක් බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ ප‍්‍රකාශ කරන ලදී.කෙසේ වෙතත් කොළඹ නගරයේ කණු කසළවත් නිසි ලෙස ඉවත් කරගැනීමට නොහැකි අසමර්ථ ඇමතිවරයෙක් මෙවන් ප්‍රකාශයක් සිදු කිරීම විහිලුසහගත බවයි රංජිත් සොයිසා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාඨලී චම්පික ඇමතිවරයාද පසුගිය ආණ්ඩුවේ සිටි බවත් මෙම චෝදනා ඒ සමයේ නොකළේ ඇයිද යන්නත් මන්ත්‍රීවරයා මෙහිදී විමසා සිටින ලදී.දක්ෂිණ අධිවේගී මාර්ගයේ යම් අඩුපාඩුවක් ඇත්නම් එය නිවැරදි කිරීමේ වගකීම වත්මන් පාලකයන්ට පැවරෙන බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා වැඩිදුරටත් සදහන් කරන ලදී.

Related posts

පැය 24ක් තුළ බස්නාහිර පළාතේ කළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමඟ 381ක් අත්අඩංගුවේ

colombotoday

සංශෝධනේ කියලා එකම කාඩ් පැක් එක අනනවා විතරයි.. රටට සෙතක් නෑ

colombotoday

ගාල්ලේ උද්ඝෝෂකයන් ඉදිකළ අනවසර ඉදිකිරීම් පොලීසිය ඉවත් කරයි

colombotoday

රජයේ රෝහල්වල පෙට් ස්කෑන් පරීක්ෂණ අඩාල වෙයි

Admin

ප්‍රවීණ සටන් නළු විල්සන් කරුණාරත්න අවසන් ගමන් යයි.

colombotoday

කොමිසම් 02කට නව සභාපතිවරු පත් කරයි

Admin