Colombo Today Local News

අනුර සේනානායකට ඇප !

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීමට සැකපිට වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(2) නියෝග කළේය.

ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැරිණි. එක් ශරීර ඇපයක් සඳහා ළඟම ඥාතියකු ඉදිරිපත් විය යුතු බවට ඇප කොන්දේසිවල ඇතුළත් කෙරුණු අතර සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද ඔහුට නියම කෙරිණි.

ඊට අමතරව අනුර සේනානායක මහතාට විදෙස් ගමන් තහනම් කෙරුණු අතර ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැබීමටත් නියෝග කෙරිණි. සාක්කිකරුවන්ට බලපෑම් කිරීම ද තහනම් කෙරුණු අතර දැඩි කොන්දේසි මත ඔහුට ඇප ලබාදීමට නීතිපතිවරයාගේ විරුද්ධත්වයක් නැති බව ප්‍රකාශ කෙරිණි.

Related posts

යාපනයේ හමුදා සාමාජිකයින් පිරිසක් ඉන්ධන බවුසරයකින් යට කරලා

colombotoday

ජාතික ආරක්ෂාව තර්ජණයක් වෙන්න නම් “පරණ බඩුමුට්ටු” තව කොපමණ හමුවිය යුතුද? – ආරක්ෂක ලේකම්ගෙන් විමල් අසයි

colombotoday

කිරි, බිත්තර සහ කුකුල්මස් නිෂ්පාදනය බරපතල ලෙස පහතට

colombotoday

රනිල් විශ්වාසභංගයෙන් දිනුවොත් මෛත්‍රීට දෝෂාභියෝගයක් !

colombotoday

අග්බෝ රජු තැනූ මුලතිව් කුරුඳුමලේ විහාරය පිළිසකර කිරීමට TNA එරෙහි වෙයි…

colombotoday

වෙළෙඳ ඇමති ඩුබායි යයි

colombotoday