Colombo Today Local News

“දැන් ඇති” ජෝන් අමරතුංග සමුගනී !

තරුණ මන්ත්‍රීවරුන්ට අවස්‌ථාව ලබාදෙමින් ඉදිරියේ දී දේශපාලනයෙන් ඉවත් වීමට කටයුතු කරන බව සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටී.

අමාත්‍යවරයා මෙම අදහස්‌ පළ කළේ නාත්තන්ඩිය ආසනයේ ඉදිවෙමින් පවතින අශෝකපුර නිවාස ව්‍යාපෘතියට සමගාමීව ප්‍රජා ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේද කියා සිටියේය.

“අද පාර්ලිමේන්තුවේ දක්‌ෂ තරුණ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ඉන්නවා. මම කල්පනා කළා මම සේවය කළා ඇති කියලා. අපි තරුණයන්ට අවස්‌ථාව ලබාදෙන්න අවශ්‍යයි. මම කවදාවත් පැරදුණේ නෑ. අඛණ්‌ඩව දිනුවා… ඒ ජනතාවට හොඳින් සේවය කළ නිසා.

අද තියෙන්නෙ එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකතුවෙලා හදපු ආණ්‌ඩුවක්‌. සමහර කණ්‌ඩායම් බල තණ්‌හාවෙන් ආණ්‌ඩුවේ ගමනට බාධා කරනවා. මොන විදිහේ කුමන්ත්‍රණ කළත් අපිව වට්‌ටන්න බෑ. එවැනි කණ්‌ඩායම් එළවන්නෙ මදුරුවන්ට දුම් ගහලා පාලනය කරනවා වගේ.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 2,000ක් බැඳුම්කර බාරගන්න කිව්වා

colombotoday

පාස්කු දා ප‍්‍රහාරයේ පරීක්‍ෂණ: එස්එස්පී සංජීවගේ තරුවක් ගලවයි

colombotoday

රතුපස්වලින් ආණ්ඩුවට රතු එළියක්

colombotoday

නව ආණ්ඩුකාරවරුන් තිදෙනා දිවුරුම් දෙයි

Admin

මන්නාරමේ හිංදු ක්‍රිස්තියානි ගැටුමක්

colombotoday

නෞකාවලින් නියමිත කාලයේදී තෙල් ගොඩබෑමට නොහැකි වීම. – ඩොලර් ලක්ෂ හතළිහක් ජනතා මුදල් ප‍්‍රමාද ගාස්තු ලෙස ගෙවයි

colombotoday