Colombo Today Local News

යහපාලනය ගැන කලකිරුණු ප්‍රබල ඇමති 4ක් මහින්ද හමුවෙයි

ඉදිරියේදී ඇතිවන තීරණාත්මක අවස්‌ථාවකදී තම උපරිම සහයෝගය ලබාදෙන බව ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැතිවරු හතරක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී ප්‍රකාශ කර ඇත.

මෙම හමුව පසුගිය සතියේ අවස්‌ථා තුනකදී සිදුවූ බව ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවැසීය.

එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු පිරිසක්‌ මෙලෙස වරින් වර මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී සාකච්ඡා කළ බව හෙතෙම කීය.

පසුගියදා සිදුකළ ඇමැති මණ්‌ඩල සංශෝධනයට අයත්වූ ඇමැතිවරු කිහිප දෙනකු හා තවත් ඇමැතිවරු පිරිසක්‌ හිටපු ජනාධිපතිවරයා හමුවූ පිරිස අතර සිටින බවද හෙතෙම සඳහන් කළේය.

සම්මුතික ආණ්‌ඩුවේ ගිවිසුම්ගත වසර දෙක ලබන අගෝස්‌තු මාසයෙන් අවසන් වන බැවින් ඒ වනවිට තම තීරණය ගැනීම සඳහා තවත් ඇමැතිවරුන් පිරිසක්‌ සූදානමින් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

– දිවයින

Related posts

ග්ලයිපොසෙට් හොදායි.. අධි විෂක් නෑ..! තහනම ඉවත් කරන යෝජනාව අද කැබිනට් හමුවට..!

colombotoday

රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේ මගඩියක්…

colombotoday

හෙරොයින් ග්‍රෑම් 213ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday

“පන්දමා, කේලමා, පිං ඇමතියා” තෙවරප්පෙරුම, මහින්ද සමරසිංහට තිත්ත කතාවෙන් අමතයි

colombotoday

තේ දළු වල B-60 ප්‍රතිපත්තිය ජනවාරියේ සිට අනිවාර්යයි

Admin

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

colombotoday