Colombo Today Local News

ආපදා මරණ 100 ඉක්මවයි.. 100කට වඩා අතුරුදන්

දිවයිනේ දිස්ත්‍රික්ක 7ට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් මිය ගොස් තවත් 100කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබේ.

මාතර, ගාල්ල, කළුතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට මෙලෙස අයහපත් කලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බව දිස්ත්‍රික් ආපදා ඒකකයන් පවසයි.

මේ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නාය යාම් සහ ජල ගැලීම් සිදුව ඇති ප්‍රදේශවලට බාහිර පුද්ගලයින් පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එම ප්‍රදේශයන් වෙත බාහිර පුද්ගලයන් පැමිණීම හේතුවෙන් විශාල මාර්ග තදබදයක් හටගෙන ඇති අතර, ආපදාවලට ලක්වූ පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතුවලට බාධා මතුව තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

Related posts

මට්ටකුලියේ බෝට්ටු කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

පැණි බීම, සීනි බද්දත් පහළට…

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අබ්දුල් රාසික් අත්අඩංගුවට ගන්න. CID වෙත පැමිණිල්ලක්

colombotoday

ලක්ෂ 62කේ ජනතා පැතුම් රනිල් වික්‍රමසිංහ දුෂණය කළා – ජනපති

colombotoday

අබුඩාබිහි බිග් ටිකට් ලොතරැයියේ රු. කෝටි 176 ක මහා දිනුම ශ්‍රී ලංකිකයෙකුට

Admin

අන්තරේ උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්

Admin