Colombo Today Local Newsextremism & terrorism activities

විල්පත්තුව ඉල්ලා බදුර්දීන්ගේ කට්ටිය අඛන්ඩව උපවාසයේ… විසදුම් දෙන්න ජනපතිගෙන් කමිටුවක් !

විල්පත්තු රක්ෂිතයට උතුරින් වනාන්තර හතරක් අධි රක්ෂිත වනාන්තර ලෙස නම් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලමින් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ අධාරකරුවන් දින 43ක් තිස්සේ අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරතව සිටී.

මරිච්චිකට්ටි පල්ලිය අසලදී පැවැත්වෙන සත්‍යග්‍රහයේ නියුතු පිරිස හමුවීම සදහා පෙරේදා (08) අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ඇමති රිෂාද් බදුර්දීන්, ජාතික සමගි පෙරමුණේ නායක අසාද්සාලි ඇතුළු පිරිසක් එහි ගොස් තිබුණු අතර අදාළ ගැටලුව විසඳීමට ජනාධිපතිවරයා විසින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.

ඒ අනුව සියලුම මුස්ලිම් නායකයන් මේ මස (13දා)ජනාධිපතිවරයා සමග මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වන බවත් ඒ තුළින් ගැටලුව විසඳීමට කඩිනමින් පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

 

Related posts

ගුටිකෙළි මැද GMOA වෛද්‍ය සභාවේ බලය අල්ලයි

colombotoday

මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළට

Admin

රන්ජන් කළ වැඩේ වැරදියි… ඒවට කියන්නෙ ගොං වැඩ – හිරුණිකා

colombotoday

නිරෝධායන නීති කැඩූ 755ක් අත්අඩංගුවට

colombotoday

ගම්මන්පිලට මිලියන 500ක් ගෙවන්න හිරුනිකාට නියම වෙයි. දේපොළ වෙන්දේසි කරවා මුදල අය කර ගනී ද?

colombotoday

මන්දපෝෂණය වැඩිම රටවල් ලැයිස්තුවේ ලංකාවට ලැබුණු තැන මෙන්න

colombotoday