Colombo Today Local News

බල්ලෙක් හපා කෑවාට අපි බල්ලව හපන්නෙ නෑ.. ජෝන්ගෙන් රාජිතට සැර ප්‍රහාරයක්

‘කැබිනට් මණ්ඩලයේ එකිනෙකා මේ තරම් විවේචනය කරගන්න ආණ්ඩුවක මම ඉදලා නැහ, එ වගේම කැබිනට් ප්‍රකාශක පිස්සු කෙලින ආණ්ඩුවක් මම දැකලා නැහ, එතකොට ඇත්තටම එවැනි කැබිනට් එකක සිටීම ගැන ඇත්ත වශයෙන්ම මට නැවත හිතන්න වෙනවා’ යයි මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුවේ කම්කරු අමාත්‍ය රත්නපුර දිස්ත්‍රික් ශ්‍රිලනිප මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා මෙවර ඉරිදා ලංකාදීප පුවත් පත සමග කල සම්මුඛ සාකච්ඡාවකදි පවසා ඇත.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් කරනු ලැබු විවේචන සම්බන්ධව ප්‍රකාශයක් කරමින් ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා පැවසුවේ , ” නෑ නෑ අර කතාවක් තියෙනවා නේ බල්ලෙක් අපිව හපා කෑවට අපි බල්ලව හපන්නේ නැහ කියලා, ඒ න්‍යාය අනුව මම කටයුතු කරනවා, මගේ මිත්‍රයෝ හුග දෙනෙක් මට කිව්වා මේවට උත්තර දෙන්න යන්න එපා කියලා” යන්නයි.

ජාතික ආණ්ඩුව ගැන කරුණු දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ‘මේ සැප්තැම්බර් මාසයේදී ගිවිසුම ඉවරයි. ඊට පස්සේ ඉන්නවද නැද්ද කියන තීරණය ගන්නව, එතකොට ඇමතිකම් අතහැරලා එන අය එයි, එ වගේම පක්ෂය ගැන හැගීමක් නැතිව ඇමතිකම් ලොකු කරගත්ත අය නතර වෙයි යන්නයි’

වැඩ වර්ජන පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂ කල්ලිය නේද යයි ඇසු ප්‍රශ්නයට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ‘ඒක මම හිතන්නේ නැහ, වැඩ වර්ජන පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂවාදින් විතරක් නොවෙයි, දැන් ටෙලිකොම් වැඩ වර්ජනය පිටිපස්සේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ වැනි මේ ආණ්ඩුවට සම්බන්ධ ආණ්ඩුවේම අය

Related posts

සියලුම පාසල්වල ජනපති රුව ප්‍රදර්ශනය කිරීමට නියෝග !

colombotoday

ගෝලීය සංචරතා දර්ශකයේ දකුණු ආසියාවෙන් මුල් තැන ශ්‍රී ලංකාවට

colombotoday

පුහුණුව ලැබූ තවුහීද් ජමාද් ත්‍රස්‌තයෝ 160 ක්‌ රට පුරා – මුලින්ම හෙළි වුණේ වනාතවිල්ලූවේ ත‍්‍රස්ත පුහුණු කඳවුර වැටලීමෙන්.!

colombotoday

වෛරසය පෙන්නා අයේෂා රිෂාඩ්ට සහ පියාට ඇප ඉල්ලයි. | අධිකරණය ඇප ඉල්ලීම තුන්වන වරටත් ප්‍රතික්ෂේප කරයි.

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන 

colombotoday

ආපදා මරණ 100 ඉක්මවයි.. 100කට වඩා අතුරුදන්

colombotoday