Colombo Today Local News

“ලොකුම මැයි රැළිය මහනුවරදී.. එනිසා පුද්ගලික ගමන් ඒ පැත්තෙ යන්න එපා“ – එස්.බී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කරන මෙවර මැයි රැළිය ඉතිහාසයේ වැඩිම ජන සහභාගිත්වයක් සහිත මැයි රැළිය වන නිසා එදින මහනුවර හරහා යන පුද්ගලික ගමන් වලින් වලකින ලෙස සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්. බි දිසානායක මහතා මහජනතාවගෙන් ඉල්ලාසිටි.

අමත්‍යවරයා මේ අදහස් පවසා සිටියේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ දී පවත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සිය මැයි දින පණිවුඩය නිකුත් කරමිනි.

මහනුවර මැයි රැළියට එක්වන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන අමාත්‍යවරයා ‍පොලිතීන් හෝ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මැයි රැළිය අවට හෝ මහනුවර කිසිම තැනක නොදමන ලෙසද ඉල්ලා සිටියේය.

මෙවර ගැටඹේ මැයි රැළිය පස්වරු 5.00 ට නිමකිරීමට බලා‍පොරොත්තු වන බවත් රැළිය නිමවූ වහාම ක්‍රීඩාංගණය හා ඒ අවට පිරිසිදු කිරීමට මහ ඇමතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරුන් ශ්‍රමදානයක ද එක්වන පව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

එකම විෂයේ බෙදුණු අමාත්‍යාංශ එක් කරන්න තීරණයක්

Admin

TNA කැබිනට්ටුවට ගේන්න රතන හිමිගෙන් යෝජනාවක් !

colombotoday

කසක්ස්තාන තෙවන සංචාරකයින් කණ්ඩායම දිවයිනට

colombotoday

ආදාහනාගාර ගාස්තුත් 2000කින් වැඩිවෙයි

colombotoday

“ජනපති රටම නොමග යැව්වා.. අපිවත් රැවැට්ටුවා” – තෙල් සේවකයෝ නැවතත් නොසන්සුන් !

colombotoday

“පංචවිධ කාර් ඇඩ් එකේ කී පරිදිම, ජනතාවගේ වාහන සිහිනය අපි සැබෑ කළා“ මුදල් ඇමති

colombotoday