Colombo Today Local News

ඉන්දියාවට පැන ගිය කොටි බුද්ධි අංශ ලොක්කා දැන් ලංකාවේ !

මඩකලපුව සන්දිවේලිහි එල්ටීටීඊ බුද්ධි අංශ ප්‍රධානියා සහ කොටින්ගේ ජෙයන්දන් බලකායේ නායකයා වූ ජෙයාත්දන් හෙවත් මොහාන්දාස්‌ නමැත්තා ඉකුත් සතියේ ධීවර යාත්‍රාවත් මගින් මන්නාරම ප්‍රදේශයට පැමිණ තිබේ. මොහු මන්නාරම වෙඩිතල්තිව් ප්‍රදේශයෙන් යළි මෙරටට ඇතුළු වී ඇතැයිද වාර්තා වේ.

එල්ටීටීඊය පරාජය කළ අවසන් මෙහෙයුම සමයේ පුදුමාතලන් සිට හොර රහසේ ඉන්දියාවට පලා ගිය ජෙයාත්දන් ඉන්දියාවේ සිට ලන්ඩනයට පැනගොස්‌ පසුගිය කාලයේ එහි ජීවත් විය.

මොහුගේ බිරිඳ ද අවසන් මෙහෙයුම ක්‍රියාත්මකව තිබියදී ඉන්දියාව පැන ගොස්‌ තිබුණු අතර ඇය දැනට දරුවන් සමඟ ඉන්දියාවේ රැඳී සිටී.

අවසන් සටනේදී යුද හමුදාවට එරෙහිව ප්‍රහාර එල්ල කළ කොටි කණ්‌ඩායම් අතර ජෙයන්දන් බලකාය ප්‍රධාන තැනක තිබුණු අතර එයට නායකත්වය දුන් ජෙයාත්දන් නොහොත් මොහාන්දාස්‌ නමැති ත්‍රස්‌තවාදියා පුනරුත්ථාපනය නොවූ කොටියකුද වේ.

මොහු මීට මාස දෙකකට පෙරද මේ අන්දමින් ඉන්දියාව හරහා මන්නාරමට පැමිණ ගොස්‌ තිබුණු අතර එම ගමනේදී මන්නාරමේ වළ දමා තිබූ එල්ටීටීඊය සඟවන ලද මුදල් තොගයක්‌ රැගෙන ගිය බවද සඳහන් වේ.

ජෙයාත්දන් යනු මොහුට එල්ටීටීඊ සංවිධානය විසින් ලබා දී තිබූ නම වන අතර මොහුගේ නියම නම මොහාන්දාස්‌ ලෙසද ඒ දිනවල ආරක්‍ෂක බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබිණි.

ජෙයාත්දන් නමැති මෙම කොටි ත්‍රස්‌තවාදියාගේ සොයුරියකද ඉන්දියාවේ බැංගලෝර්වල ජීවත් වන අතර මීට මාස කිහිපයකට ඉහතදී පැවති ඇගේ පුත්‍රයකුගේ විවාහ උත්සවයක්‌ සඳහාද ජෙයාත්දන් ලන්නයේ සිට මුදල් හුවමාරු සේවාවක්‌ හරහා විශාල මුදලක්‌ එවා තිබුණු බවද වාර්තා විය.

පොලිස්‌ විමර්ශන හමුවේ මේ වන විට ආරක්‍ෂක බුද්ධි සේවා කටයුතු දැඩි ලෙස බිඳ වැටීමකට ලක්‌ව තිබෙන නිසා මෙම ත්‍රස්‌තවාදියාගේ පැමිණීම සහ ඔහු පැමිණියේ කුමකටද යන්න මේ දක්‌වා ආරක්‍ෂක බලධාරින්ට වාර්තා වී නොමැති බවද සඳහන් වේ.

දිවයින

Related posts

ඖෂධ මගඩිය හෙළිදරව්වෙන් ඇමති පුතා කිපෙයි.. මරණ තර්ජණ !

colombotoday

සරසවි සිසුවියකගේ නිරුවත් ඡායාරූප යැව්වාට දඩය රුපියල් පන්දාහයි!

Admin

වසර 4ක් ඇතුළත 200%ක බදු වැඩිවීමක්…. ලංකාවට වැගන් ආර් රථ ගෙන්වීම නවතයි…

colombotoday

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ CID කැදවයි.. අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

colombotoday

සජිත් හැර යන නිලූකා.. සමගි ජන බලවේගයේ නොනැවතීම වැල වීවෘතයි

colombotoday

ඇලෝසියස්ගෙන් සල්ලි ගත් බව ඔප්පුකළොත් ඉල්ලා අස්වෙනවා – වියන්ගොඩ

colombotoday