Colombo Today Local News

පල්ලියේදී ගව මස් කෑ දහසක් ලෙඩ වෙති.. තිදෙනෙක් මරුට.. අම්පාරේ රෝහල් පිරෙයි !

අම්පාර වානගමුව ජුම්මා මුස්‌ලිම් දේවස්‌ථානයේ පෙරේදා (05 වැනිදා) රාත්‍රියේ පැවැති උත්සවයකින් පසු ලබාදුන් රාත්‍රි ආහාර අනුභව කළ ප්‍රදේශවාසීන් දහසකට ආසන්න පිරිසක්‌ රෝගාතුරවී ඇත.

ඉන් පන්සීයකට අධික පිරිසක් රෝහල්ගත කර ඇති අතර, තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

මෙම රෝගීන් අම්පාර, අක්‌කරපත්තුව සහ එරගම රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට ඊයේ (06 වැනිදා) උදැසන සිට පැමිණ තිබේ. ඉරක්කාමම් රෝහලේ 80 ක් පමණ දෙනා තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම රෝහලෙන් ප්‍රතිකාර ලැබූ පිරිස 200කට අධික බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. ඊට අමතරව අක්කරපත්තුව හා අම්පාර රෝහල්වලද තවත් බොහෝ පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිති.

පෙරේදා රාත්‍රියේ ජුම්මා පල්ලියේ පැවති උත්සවයට පැමිණ ජනතාවට රාත්‍රි ආහාර ලබාදීම සඳහා හාල් කිලෝ දහසක බත් උයා ඇති අතර ගවයින් හතර දෙනකුගේ මස්‌ ලබාගෙන ඇතැයිද වාර්තා වේ.

Related posts

ඩොලරය අදත් ඉහළ යයි

Admin

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 609ක්.. සමාජ පැතිරීමක් නෑ

colombotoday

“මේක ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක්.. UNPකාරයන්ට ඕන විදිහට අපි නටන්න ලෑස්ති නෑ

colombotoday

ව්‍යවස්ථා මරඋගුල එරෙහිව මහ සග සමුළුවක් කැදවයි.. සියලු දේශප්‍රේමීන් එකම වේදිකාවකට !

colombotoday

දියර කිරි ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළට

colombotoday

“මගේ රතු කට්ට පැන අවසන්.. වෙසක් පෝයෙන් පසු තීරණයක් ගන්නවා“- විජේදාස

colombotoday