Colombo Today Local News

පාර හදන්න ඕන තරම් ඉඩ තියෙද්දිත් බෝධිය කපන්න හැදුවැයි ඇමති කිරිඇල්ලට නොතීසි

උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නොතීසි නිකුත් කරනු ලැබුවා.

ඒ පන්නිපිටිය මල්ආරව හන්දියේ පිහිටි ඉපැරණි බෝධින් වහන්සේ කපා ඉවත් කිරීමට එරෙහිව ගොණුකල පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීයි.

එම බෝධිය කපා ඉවත් කිරීමට විරුද්ධව භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව බෝධිය කපා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පවසා ඇත්තේ මෙම බෝගස වසර 400ක පමණ ඉතිහාසයක් සහිත පූජනීය වස්තුවක් බවයි.

මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපෘතියකට බව පවසමින් එම බෝගස කපා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සූදානම් වන බව පෙන්වා දී ඇති පෙත්සම්කරුවන් බෝගස කපා ඉවත් කිරීමකින් තොරව මාර්ගය පුළුල් කිරීමට හැකියාවක් පවතින බව සඳහන් කර තිබේ.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල බෝගස කපා ඉවත් කිරීම තාවකාලිකව වළක්වාලමින් මැයි මස 09 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එදින යළි පෙත්සම ලකා බලන බව දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළව කරුණු දක්වන ලෙසයි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා ඇතුළු පිරිසට නොතීසි නිකුත් කර තිබෙන්නේ.

Related posts

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානයක ඔබ නොදත් තතු මෙන්න…

colombotoday

හිටපු අගමැති දේහය පාර්ලිමේන්තුවට (Photo)

colombotoday

ලිට්රෝ ගෑස් සමාගම පාරිභෝගිකයා ඇන්දවීමක! | ගෑස් මිල රුපියල් 406.50 කින් වැඩි කරලා. වෙළද ඇමති නිදි!

colombotoday

සීගිරියේ බිතු සිතුවම් ගුහාවේ බදාම තට්ටුවක් කඩා වැටේ… බලධාරීන් නිහඩයි

colombotoday

ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් හොරා කෑ නරේන්ද්‍ර සිල්වා සාමාන්‍යධීකාරී තනතුර ලබා ගැනීමේ සටනක.

colombotoday

ණය කියක් ගෙවන්න තියනවද කියලා හරියට තොරතුරුවත් නෑ – අගමැති රනිල්

colombotoday