Colombo Today Local News

පොහොසත්ම පක්ෂය ජවිපෙ.. 2015 ආදායම කෝටි 8 පනී !

වසර 2016 ලංකාවේ පොහොසත්ම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී. මැතිවරණ දෙපාර්තමේන්තුවට දේශපාලන පක්ෂ 6 ක් විසින් ලබා දී ඇති මුල්‍ය වාර්තා අනුව එය හෙළිව ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

ජනතා විමුක්ති පෙරමුණ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා මන්ත්‍රී වැටුප් සහ වාහන විකිණීමෙන් ලැබූ ආදායම පවා සවිස්තරාත්මක ලෙස ගිණුම් වාර්තාවේ දක්වා ඇතැයිද පැවසේ.

තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන යටතේ මැතිවරණ දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගත් මෙම තොරතුරු ජාත්‍යන්තර සංවිධාන විසින් ප්‍රසිද්ධියට පත් කොට ඇත. එම වාර්තා අනුව,

වසර 2015 දෙසැම්බර් 31 දිනට ජවිපෙ හි අදායම රු. 87,196,322 කි.

වසර 2015 ගිණුම් වාර්තා අනුව එක්සත් ජාතික පක්ෂයේ අදායම රු. 36,317,486 කි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2015 අදායම රු. 19,796,009 කි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 2015 අදායම ආධාර ලෙස ලැබුණු රු. 2,423,194 කි.

වසර 2015 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආදායම රු. 1,845,000 කි.

ලංකා කම්කරු කොංග්‍රසයේ 2015 අදායම රු. 115,611,663 කි.

ජාතික හෙළ උරුමය පක්ෂයේ 2015 ආදායම රු. 1,851,133 කි.

එම ආදයමේ ඇති රු. 213,880 ක් පක්ෂ නායක චම්පික රණවක මහතා සිය වැටුපෙන් පරිත්‍යාග කළ මුදල් බව මැතිවරණ කොමිසම වෙත ලබා දී ඇති ඇති ගිණුම් වාර්තාවේ දැක්වෙන බවද කැෆේ කියා සිටී.

Related posts

නියෝජ්‍ය නායකකමෙන් මම සෑහිමකට පත් වෙන්නෑ – ප්‍රතිසංවිධානයෙන් පසු සජිත් කියයි

colombotoday

දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් වසා දමයි

Admin

සිංහලේ එලවන්න, අසාත් සාලි පොලීසියට අණදුන් හැටි (Video)

colombotoday

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් දිවයිනට

Admin

සිරගතවූවන් ගේ සිරගත නොවූ ශ්‍රමය නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරීමේ ව්‍යාපෘතියක්

Admin

රනිල්-සජිත් සාකච්ඡා අසාර්ථකයි… මහ මැතිවරණයට සජිත් වෙනම සන්ධානයකින් !

colombotoday