Colombo Today Local News

“ආණ්ඩුව පෙරළන්න නෙවයි, මහින්දට වෙන්නෙ අඬන්න“ – අගමැති

යහපාලන ආණ්ඩුව පෙරළන බවට උදම් අනන හිටපු ජනාධිපති ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අඩන්න වෙන කාලය වැඩි ඈතක නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වෙසක් පොහොය පසුවී දෙපෝයකින් වර්තමාන ආණ්ඩුව පෙරළා දමන බවට හිටපු ජනපතිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය.

කිරිබත්ගොඩදී පැවති එක්සත් ජාතික පක්ෂ රැලියකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

“මීට පෙර අවස්ථාවකදී හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළා ඉකුත් ජනවාරියේදි අපේ ආණ්ඩුව පෙරළනවා කියලා.මම එදා කීවා මම විදේශ සංචාරයට ගිය විට එය කරන ලෙස.නමුත් ඔහු ඒක කළේ නැහැ.කෙසේ වෙතත් 2018 වෙසක් මාසය වෙද්දී ආණ්ඩුවේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති දැකලා ඔහුට අඬන්න සිදු වෙයි“යැයි අගමැතිවරයා එහිදී පැවසීය.

Related posts

මුස්ලිම් ව්‍යාපාරිකයාට වාසිවන අයුරින් පොල්තෙල් ආනයනයට පැය 6කට බදු සහනයක් දුන්නාද ?

colombotoday

ව්‍යාධිජනකයින් සහිත චීන කාබනික පොහොර තොගය ගෙනඒම අත්හිටුවයි

colombotoday

ඇලෝසියස්ගේ දුරකතන දත්ත ගත් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් !

colombotoday

දකුණු මුහුදේ දී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි

colombotoday

එදා රෑ තමයි රෑ.. විමල්ගේ ‘නෝටි වැඩක්’ බානගල හිමියෝ ප්‍රසිද්ධ සභාවේ දිගහරී !

colombotoday

සජිත් ලැබුවේ පරාජයක් නෙවෙයි, ලක්ෂ 14ක අන්ත පරාජයක්…

colombotoday