Colombo Today Local News

“විදෙස් ණය බර දැක්කහම දිවි නසාගන්න හිතෙනව“ – අගමැති

රට හමුවේ ඩොලර් කෝටි 3600ක විදේශ ණය බරක් තිබෙන බවත්, මේ ණය කන්දරාව දුටු සාමාන්‍ය අයෙක්ට දිවි නසා ගැනීමට වුවත් සිතෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රටේ ආර්ථිකය පසුගිය රජය සමයේ ලබාගත් ණයවලට යට වී ඇති බවත්, රටක් වශයෙන් ණයට යට වුවහොත් වහල්ලුන් බවට පත් වෙන හෙයින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නංවා ගෙන ණය බර ගෙවා දැමිය යුතු බව කී අගමැතිවරයා, මේ වසරේ සිටි 2026 දක්වා එම ණය ගෙවීමට තිබෙන හෙයි කෙසේ හෝ ආර්ථිකය ගොඩ ගෙන ඒ ණය ගෙවන ගමන් සංවර්ධන වැඩ කටයුතු කිරීමට ද රජයට සිදුව ඇතැයි පැවසීය.

ඒ සදහා ලෝකය වටේ ගොස් ලංකාවේ හොද නම ආරක්ෂ කරගෙන විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාටත්, තමාටත් සිදුව තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ජනතාව මත ණයබර නොපටවා රුහුණු ආර්ථික කලාපය ඉදි කිරීමෙන් ණය ගෙවීමට හැකි මුදල් සොයා ගැනීමට රජය සැලසුම් කර ඇතැයිද කීය.

Related posts

හිටපු ඇමති කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස්

colombotoday

පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද පොතක් එළි දකී !

colombotoday

මුස්ලිම් ආක්‍රමණිකයාට විරුද්ධව ලෝක බෞද්ධ සහයෝගිතාවකට මුල පිරෙයි – Photos

colombotoday

මහින්ද පවුල ගොඩ ගන්න රටත් පාවා දෙනවා.. පොහොට්ටුව හැදුවේ නාමල් රජ කරවන්නයි

colombotoday

“රට එක තැන නැවතිලා“ – අගමැති

colombotoday

ඇලෝසියස්ට-පලිසේනට ඇප නොලැබෙයි.. මාර්තු 15 දක්වා රිමාන්ඩ්

colombotoday