Colombo Today Local News

රක්නා ලංකා ආරක්ෂකයින් චම්පිකගේ කොම්පැනියකට

නීතිපතිවරයාගේ උපදෙස් අනුව, සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කරන තෙක් එම සමාග‍මේ ගොඩබිම ආරක්ෂකයන්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කරමින් ඔවුන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් සීමාසහිත LRDC සේවා පෞද්ගලික සමාගම වෙත අනුයුක්ත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මේ සඳහා වන කැබිනට් සංදේශය ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කර ඇති අතර අදාළ සේවක මණ්ඩලය ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් සීමාසහිත LRDC සේවා පෞද්ගලික සමාගම වෙත අනුයුක්ත කිරීමට විෂයභාර අමාත්‍ය (මහානගර හා බස්නාහිර සංවර්ධන) පාඨලී චම්පික රණවක එකඟතාව පළකර ඇත.

අප වෙත වාර්තා වන අන්දම අදාළ එකඟතාව අනුව රක්නා ලංකා හී ගොඩබිම ආරක්ෂකයින් ලෙස කටයුතු කළ 1050 කට ආසන්න පිරිසක් සීමාසහිත LRDC සේවා පෞද්ගලික සමාගමේ සේවයට එක්වනු ඇත. මේ අතර ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඉහත කැබිනට් සංදේශය අනුව සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගමේ බැඳීම් හා වගකීම් සම්බන්ධයෙන් පවතින ගැටලු සහ මහජන මුදල් පිළිබඳ වගකීම පිළිබඳ අධ්‍යයනය කොට සුදුසු විසඳුම් යෝජනා කිරීම‍ටත් යෝජනා කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් නියමිතව ඇත. මේ කටයුතු සිදු වන්නේ රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කර එහි ගොඩබිම් ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත්, සාගර ආරක්ෂක කටයුතු නාවික හමුදාවටත් පැවරීම පිණිස 2016‑12‑13 දින අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් අනුමැතිය ක්‍රියාත්මක වන තෙක්ය.

කෙසේ වුවත් පා වෙන අවි ගබඩාවක් ඇතුළු සමුද්‍රාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම හා ගිවිසුම්ගතව සිදු කළ ව්‍යාපාරයට අදාළ ගිවිසුම් කඩකර ව්‍යාපාරය අවසන් කිරීම නිසා තම සමාගමට වූ අගතියට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඇවන්ට්ගාඞ් සමාගමට සිංගප්පූරු ඩොලර් 826,000 ක් (රුපියල් මිලියන 840) වන්දි ලෙස ගෙවන ලෙස සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලය (SIAC) විසින් රක්නා ආරක්ෂක ලංකා සමාගමට නියෝග කර ඇත. ඒ අනුව රක්නා ලංකා සමාගම ඈවර කරන්නට පෙර මෙම මුදල් ගෙවීමට සිදු වන තත්ත්වයක් ඇති අතර රක්නා ආරක්ෂක ලංකා සමාගමේ 100%ක කොටස් හිමිකම ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට ය. තව ද මෙරට අවි ගබඩා කිරීම සඳහා රක්නා ලංකා සමාගම වෙනුවෙන් රතු මුහුදේ පවත්වාගෙන ගිය ‘ඇවන්ට්ගාඞ්’
පා වෙන අවි ගබඩාව වෙනුවෙන් ඇවන්ට්ගාඞ් සමාගම විසින් දරූ පිරිවැය රක්නා ලංකා සමාගම විසින් නැවත තමන් වෙත ලබා දියයුතු බව කියමින් පසුගිය දා රක්නා ලංකා සමාගම වෙත, ඇවන්ට්ගාඞ් සමාගමේ සභාපතිවරයා විසින් ලිපියක් යොමු කොට තිබූ බවත් එහි දී ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක් අය විය යුතු බව දන්වා ඇති බවත් මාධ්‍ය වාර්තා පළ වී ඇති අතර එම ඉල්ලීම විවාදයකින් තොරව රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා විසින් පිළිගෙන ඇති බවත් පසුගිය සමයේ වාර්තා විය.

ඒ අනුව රක්නා ලංකා ඈවර කිරීම හමුවේ ඇවන්ට්ගාඞ් ආයතනය වෙත පමණක් රුපියල් බිලියන ගණනක මුදලක් ගෙවීමට සිදුව ඇති තත්ත්වයක් ද පෙනෙන්නට ඇත.

සත්හඩ

Related posts

බැදුම්කරය ගැන රවීගේ විශේෂ ප්‍රකාශය අද..

colombotoday

ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797ක් පල්ලියක තිබී අත්අඩංගුවට…

colombotoday

බදු අහෝසි කරන්න හැකියාවක් නෑ.. – ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

Admin

අමෙරිකාවේ ඇති මෙරට බැදුම්කර එරට මහ බැංකුවට උගස් කරන්න හදනවා- රනිල්

colombotoday

අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන්න. සත්වෝද්‍යාන පාලකවරිය ඉල්ලා අස්වෙයි

colombotoday

ප්‍රදේශ රැසක සොරකම්වලට සම්බන්ධ 5ක් අත්අඩංගුවේ

colombotoday