Colombo Today Local News

ආණ්ඩු පෙරළියට සූදානම්… වාසුගේ සහය මෛත්‍රී පිලට !

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පිරිස හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වන පිරිස එක්ව වෙනත් අගමැතිවරයෙක් සහිතව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේ නම් තම පක්ෂය ඇතුළු ඒකාබද්ධයේ සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද (23) පැවති ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පවතින ආණ්ඩුව හැකි ඉක්මනින් වෙනසකට ලක් විය යුතු බවත් ආණ්ඩුව යනුවෙන් සියලු දෙනාගේ එකතුවක් දැක්වුව ද සිදුවිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ වෙනස් වීමක් පමණක් බව ද වාසුදේව මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා අද වන විට සමාජ විරෝධි ආකල්පයන් රට තුළ දියත් කරමින් සිටින බවත් එතුමා ඉවත් කිරීමට යොමුවන ඕනෑම විටක තමන් ඇතුළු ඒකාබද්ධය එයට සහයෝගය ලබා දෙන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර රජය විසින් සර්ව ජන ඡන්ද බලය අහිමි කිරීමේ උත්සහයක් දරණ බවත් එය ජීවිතය අහිමි වීමකට සමාන බවත් ඡන්ද අයිතිය ලබා ගැනීම වෙනුවෙන් තමා කැපවෙන අතර මේ වසර අවසන් වීමට පෙර රජය ඡන්ද බලය ලබා දීමට කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවට පැවතිය නොහැකි ලෙස ජාතික විරෝධතාවයකට කටයුතු සංවිධානය කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Related posts

ශ්‍රී ලංකාවේ කැබිනට් බලතල සහිතව පත් වූ ප්‍රථම මහකොමසාරිස්වරයාගේ සේවා කාලය ඔක්තෝබර් අවසන්

Admin

විනාඩි 10ට දුම්රිය ආසන ලක්‍ෂයක් බුක් වෙයි

colombotoday

2022 වසරේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන්නේ සමගි ජල බලවේගයේ රජයක් – පා.ම නලින් බණ්ඩාර

colombotoday

කොළඹ පාසල් තුනක සිසුන් මරා ගනිති.. හයක් රෝහලේ, 15ක් කූඩුවේ !!

colombotoday

ඉතිහාසයේ දැවන්තතම පුජාව බොදු බල සේනාවෙන් රුවන්වැලි මහා සෑ මළුවේදි මැයි 19

colombotoday

උතුම් මැදින් පුන් පොහොය අදයි !

colombotoday