Colombo Today Local News

කල් තබා ගැනීම සදහා වී තොගවලට උග්‍ර විශ රසායනිකයක් මිශ්‍ර කරලා !

වී තොග ගබඩාකොට ඒවා කල්තබා ගැනීම සඳහා සහල් මෝල් හිමියන් විසින් ඉතාමත් උග්‍ර විෂ සහිත කෘමිනාශක වර්ග යොදන බවට තොරතුරු ලැබී ඇතැයි පොළොන්නරුව වකුගඩු රෝග මර්දන ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය මලිත් මෙත්තසූරිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ පෙරේදා (21) පෙරවරුවේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටු රැස්‌වීමේදී ය.

මෙම ප්‍රබල විෂ කෘමිනාශක යෙදීමෙන් පසුව එම වී තොග අවුරුදු 4 – 5 ක්‌ වුවද කල්තබා ගැනීමට හැකි බවද හෙළිවී ඇතැයි කී වෛද්‍ය මෙත්තසූරිය මහතා මෙම වී වලින් නිපදවන සහල් ආහාරයට ගැනීමෙන් වකුගඩු රෝග වැළඳී මිනිසුන් නිරපරාදේ මියයන බවද පෙන්වා දුන්නේය.

පොලොන්නරුවේ එක්‌ මසකදී අලුතින් වකුගඩු රෝගීන් 100 ක්‌ පමණ සොයා ගන්නා බවත්, මෑතකදී කරන ලද නවතම පරීක්‍ෂණවලදී පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පාසල් ළමුන්ගෙන් සියයට දහයකගේ පමණ වකුගඩු රෝගයේ මූලික ලක්‍ෂණ හඳුනාගෙන තිබෙන බවත් වෛද්‍ය මලිත් මෙත්තසූරිය මහතා පැවසී ය.

Related posts

ඉස්ලාම් බැතිමතෙකුගෙන් ඥාණසාර හිමිට ලිපියක්..

colombotoday

ශ්‍රීලනිප යේ මහ ලේකම් ධූරය සරත් ඒකනායකට

Admin

බන්ධනාගාර දෙකක මරණ දඞුවම හිමිවු රැඳවියන් ආහාර වර්ජනයක

colombotoday

ඉහළම තැනකින් හම්බන්තොට අධිවේගයේ සැලසුම වෙනස් කරයි.. සුපිරි මගඩියක් අතේ පත්තුවෙයි !

colombotoday

මාරක ළිඳේ පඩිපෙලකින් ඇද වැටී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

සේවා කිහිපයක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක්

Admin