Colombo Today Local News

ජනපතිට පිට කොන්දක් තිබේනම්, කරන්න ඕන දේ කියයි !

ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවලියෙන් 6 වන වගන්තිය ඉවත් කිරීමට පිටකොන්දක් තිබේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කළ යුතු යැයි මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ අද (21) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

මානව හිමිකම් කවුන්සලයේ මහකොමසාරිස්වරයා විසින් හෙට (22) දිනයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව කවුන්සලයට වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ලංකාව පිළිබඳ අවසන් තීරණය සිකුරාදා දිනයේ දී ලබා දීමට නියමිත බව ද ජී.එල්.පීරිස් මහතා පවසයි.

2015 දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වු යෝජනාවේ ඉතා පැහැදිලිව විදේශීය විනිසුරුවන් පිළිගන්නා බව සඳහන් කර ඇති අතර එය දෙවන වරටත් තහවුරු වී ඇති බවත් ඒ සඳහා සම අනුග්‍රහය නොදක්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජී.එල්.පීරිස් මහතා වැඩි දුරටත් කියා සිටියේ ය.

Related posts

“මගෙන් රටට” සංජය මහවත්තට එරෙහිව NSBM මානව සම්පත් කලමණාකාරිනිය පොලීසී යයි

colombotoday

“ජනතා බලාපොරොත්තු බිදවැටිලා” – ඇමති චම්පික

colombotoday

පලෙයි වෛද්‍යවරයා එකින් එක වමාරයි. පන්නල රක්ෂිතයෙන් ක්ලේමෝ බෝම්බ 03 ක් සොයා ගැනේ

colombotoday

මුස්ලිම් කොංග්‍රසයේ තනතුරු මාරුවෙයි.. අර්බුධය තවත් උග්‍ර අතට !!

colombotoday

අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වහන්නැයි පාඨලි කියයි

colombotoday

විභාග රාජකාරියේ යෙදෙන නිලධාරීන්ට ප්‍රමුඛතා පදනම මත ඉන්ධන

colombotoday