Colombo Today Local News

උ/නැ එක්‌කිරීමට උතුරු සභාවෙන් අලුත් යෝජනාවක්‌

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා ක්‍රියාත්මක කරමින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ස්‌වයං තීරණ ගැනීමට ආණ්‌ඩුව අවස්‌ථාව ලබාදිය යුතු බවට උතුරු පළාත් සභාව පෙරේදා (14දා) යෝජනාවක්‌ සම්මත කරගත් බැව් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා පැවසීය .හෙතෙම පැවසූවේ ජිනීවා යෝජනාවලිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ විශේෂ විවාදයක්‌ පෙරේදා යාපනය කයිතඩි පිහිටි උතුරු පළාත් සභා සංකීර්ණයේ පැවැත්වූ අවස්‌ථාවේදී අදාළ යෝජනාව සම්මත කරගත් බවයි.

එම යෝජනාව වෙනුවෙන් උතුරු පළාත් සභාව නියෝජනය කරන සිංහල මන්ත්‍රීවරුන් දෙදෙනා හා උතුරු පළාත් සභා විපක්‌ෂ නායක එස්‌. තවරාජා මහතා පමණක්‌ විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර, පළාත් සභාවේ පාලක පක්‌ෂය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සියලු දෙනා අදාළ යෝජනාවට පක්‌ෂව ඡන්දය ප්‍රකාශ කළ බවද ශිවාජිලිංගම් මහතා පැවසුවේය.

යුද අපරාධ සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවන් යොදා ගනිමින් පරීක්‌ෂණ පැවැත්විය යුතු බවත්, යුද අපරාධ පරීක්‌ෂණ වෙනුවෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්විය යුතු බවත්, දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් ස්‌ථිර විසඳුම් ලබාදිය යුතු බවත් යන කරුණු හයක්‌ සම්බන්ධයෙන් විවාදය පවත්වා තිබේ.

අදාළ යෝජනාවලිය තමන් විසින් පළාත් සභාවට ඉදිරිපත් කළ අතර, යෝජනාවලියේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් ඊයේ (15දා) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්‌ යාපනයේදී පැවැත්වීමට නියමිතව තිබුණු බව ද හෙතෙම පැවැසීය.

Related posts

විරෝධතාවක නිතර වූ හිරුණිකා අත්අඩංගුවට

Admin

පාස්කු කොමිසමේදී රෙද්ද කැඩෙන බදුර්දීන් බේරගන්න සමගි ජන බලවේගය මැකෝ ලඟට

colombotoday

ලාංකික නාවිකයන් 9ක් ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයේ

colombotoday

තෙල් නැව ආවත් හිගය මඩින්න තව දින තුනක්වත් යනවා !

colombotoday

රන්ජන් ජානකී විජේරත්නට ඉගැන්වූ ශුක්‍රාණු පාඩම (Voice)

colombotoday

වේගෙන් යන්න එපා කියූ අයෙක් අවසන් ගමන් යවයි

colombotoday