Colombo Today Local News

සයිටම් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම් ) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කළේය.
එම නඩු තීන්දුව බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයිද මෙම අපෑල මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉල්ලා ඇත.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ,උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ,එම අමාත්‍යාංශ ලේකම් ,අභියාචනාධිකරණ පෙත්සම්කාර සිසුවිය වන මල්ෂානි දිලූම් කසුන්දා සූරිය ආරච්චි ඇතුළු පුද්ලගලයින් හයදෙනකු එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

Related posts

නව රාජ්‍ය අමාත්‍යවරු 21 ක් දිවුරුම් දෙයි….

colombotoday

ගම්මන්පිල , විමල්, වාසුදේව යන අය ආණ්ඩුව පවත්වාගෙන යාමට සහයෝගය නොදැක් වු පිරිසක් – අමාත්‍ය දිළුම් අමුණුගම

colombotoday

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් වෙන්නෙ නැහැ

Admin

සමහර අපේක්‍ෂකයන් පාතාලයෙන් සල්ලි අරන්

colombotoday

කෝටි 42ක හෙරොයින් තොගයක් සොයා ගනී

colombotoday

මහ මැතිවරණය පැවැත්විය හැකියි- මහින්ද දේශපි‍්‍රය

colombotoday