Colombo Today Local News

සමයං ඝාතනයේ මොළකරු මධුෂ් අත්අඩංගුවට

පාතාල නායක සමයං ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වශයෙන් මෙතෙක් පොලිසිය සොයමින් සිටි මධුෂ් නමැත්තා පොලිසිය මඟින් ‍ඊයේ (09) රාත්‍රියේදී දික්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සමයං ඝාතනයේ තවත් ප්‍රධාන සැකකරුවකු වූ එම ඝාතනයේ සැලසුම සකස් කළ බව කියන අංගොඩ ‍ලොක්කා නමැති පාතාල නායකයා සමඟ එක්ව සමයං ඝාතනය කළේ යැයි ඊයේ අත්අඩංගුවට ගත් මධුෂ් සොයා ‍ෙපොලිසිය දැවැන්ත මෙහෙයුමක් සිදුකළේය.

එහිදී මෙම සැකකරු දික්වැල්ල ප්‍රදේශයේදී කොටුකර ගැනීමට හැකිවී තිබිණි.

මොහු දකුණේ පාතාල කල්ලි නායකයා වශයෙන් විවිධ අපරාධ කරමින් සිට හිටපු දකුණු පළාත් සභා අමාත්‍ය ඩැනී හිත්තැටිය මහතාද ඝාතනය කර අනතුරුව විදෙස් රටකට පලා ගොස් සිටින බව පොලිස් බුද්ධි අංශවලින් අනාවරණය කරගෙන තිබිණි.

පසුව සමයං ඝාතනය කිරීම සඳහා මොහු අංගොඩ ලොක්කා සමඟ එක්ව සකස් කළ සැලසුම ක්‍රියාත්මක කිරීමට ඩුබායි රටේ සිට මෙරටට පැමිණ ඇති බව සමයං ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබිණි.

මොහු ඊයේ අත්අඩංගුවට ගත් පසු තමා මධුෂ් නමැත්තා නොවන බවත් වෙනත් අයකු බවත් පොලිසියට ප්‍රකාශ කර තිබිණි.

මොහු මධුෂ් බවට සහතික කෙරෙන ආකාරයේ තොරතුරු ලැබී තිබුණ නමුත් මොහු දකුණේ පාතාල අපරාධකරු වූ මධුෂ්ද යන්න හෙළිකර ගැනීම සඳහා දිගින් දිගටම මොහුගෙන් ප්‍රශ්න කෙරෙමින් පැවතිණි.

සමයං ඝාතනයේ සෙසු ඝාතන කණ්ඩායම සහ සෙසු පාතාල අපරාධකරුවන් කවුද යන්න මේ වනවිට පොලිසිය විසින් සම්පූර්ණයෙන්ම අනාවරණය කරගෙන අවසන්ව තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

Related posts

TNL අවහිර කිරීමට මගේ සම්බන්ධයක් නෑ – ජනාධිපති

colombotoday

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරන යන බුද්ධ ප්‍රතිමා ආකෘතියක් ගිනි තැබීමේ සිද්ධියේ ඇත්ත කතාව

colombotoday

MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සමුද්‍ර හානියට බිලියන 3ක වන්දියක් ඉල්ලයි

colombotoday

රවණා රජු ත්‍රස්තවාදියෙක් – ඉන්දීය අගමැති කියයි.. පිළිරුවටත් ගිනි තබයි !

colombotoday

ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

Admin

ගේමට අවොත් ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා – එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි

colombotoday