Colombo Today Local News

වසර 300ක් පැරණි පන්නිපිටිය බෝධිය ඉවත් කිරීම හෙට ?

ආන්දෝලනයකට තුඩුදී ඇති පන්නිපිටිය මහල්වරාව හන්දියේ ඇති බෝධින් වහන්සේ හෙට(10) උදේ ඉවත් කිරීමට සුදානම් බව නාගරික සංවර්ධන අධිකාරී ආරංචි මාර්ග ඔස්සේ තහවුරු වෙනවා.

නගරයේ ඇති මාර්ගය පුළුල් කිරීම සදහා මෙලෙස වසර 300කට අසන්න කාලයක් පැරණි බෝධින් වහන්සේ නම ඉවත් කෙරෙන බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

කෙසේ වෙතත් මීට මාස කිහිපයකට ඉහතදීද නාගරික සංවර්ධන අධිකාරිය මෙම බෝධීන් වහන්සේ ඉවත් කිරීමට උත්සහ කල අතර එම අවස්ථාවේදී බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තවත් ජාතික සංවිධාන කිහිපයක භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසකගේ මැදිහත් වීමෙන් එම උත්සාහය වැලකී ගියා.

එම අවස්ථාවේදී පිරිත් දේශනා කරමින් බෝධීන් වහන්සේ චීවර ගත කිරීමක්ද සිදු කරන ලදි.

Related posts

පානදුරේ හොර කච්චේරියක් වටලයි – හිටපු නගර සභා ලිපිකරුවක් අත්අඩංගුවට

Admin

ප්‍රියංකර ජයරත්න ඇමතිකම අතහරී.. ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යවයි

colombotoday

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

colombotoday

පොල් වගා වනසන වදුරන්ට රිලවුන්ට පිරිත් පැන් ඉසිමු..- එස් බී දිසානායක

colombotoday

විදේශයන් සතුව ඇති ලංකාවේ උරුමයන් නැවත ගෙනෙන්න යයි

Admin

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උණුසුම් තත්ත්වයක්

colombotoday