Colombo Today Local News

නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථාන ගැන සියලු තොරතුරු ජනපති මහින්දටත් සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාලටත් දුන්නා

මීට වසර තුනකට ඉහතදී බොදු බල සේනා සංවිධානය රටපුරා ක්‍රියාත්මක නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථාන පිලිබදව හෙළි කරන ලද බවත් ඒ පිළිබද සියලු තොරතුරු එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ එවක සෞඛ්‍ය ඇමති වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් ලබා දුන් බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සදහන් කර සිටියා.

සංවිධානාත්මක ලෙස සිංහල කාන්තාවන් උපත් පාලනයට, වන්ද්‍යාකරණයට සහ ගබ්සා කිරීමට පෙලබවීම් කරන රාජ්‍ය නොවන සංවිධාන පිලිබදව 2012-2013 වසරයන්හිදී පෙන්වා දෙන විට එවක රජය කිසිදු පියවරක් නොගත් බවත් ඒ හේතුව මත සිංහල මව්වරු ලක්ෂ ගණනක් මේ වනවිට ජාතියට අහිමි කිරීමට මෙම රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කර ඇති බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියා.

බලධාරීන්ගේ අවධානය යොමු නොවන තැන අවස්ථා කිහිපයකදීම මෙවැනි මධ්‍යස්ථාන වටලා නීතියට කොටු කර දීමට පියවර ගත් බවත් උන්වහන්සේ සදහන් කර සිටියා.

දඹුල්ල රෝහලේ වෛද්‍යවරියෙකු උපත් පාලනයට බලහත්කාරයෙන් මව්වරු යොමු කිරීම පිලිබදව Colombo Today සිදුකල විමසීමකට පිළිතුරු ලබා දෙමින් අද (8) උන්වහන්සේ මේ බව සදහන් කර සිටියා.

Related posts

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

colombotoday

19 ව්‍යවස්ථා සංශෝධනය නිසා රටම අවුලේ… අපේ ආණ්ඩුවක් යටතේ 19 ඉවත් කරනවා –

colombotoday

මහඇමති නාටකයෙන් හෙළි වූ යහපාලන නිරුවත !

colombotoday

අටුළුගම සංචරණ සීමා ඉවතට

colombotoday

මහ මැතිවරණයෙන් පස්සේ හොරු අල්ලනවා

Admin

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක්

colombotoday