World

ඉස්ලාමික ත්‍රස්තවාදීන්ගෙන් මොසුල් නගරයට රසායනික අවි ප්‍රහාරයක්

ඉරාකයේ මොසුල් නගරයට රසායනික අවි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ වෛද්‍යවරයෙකු විසින් සිදුකළ නිරීක්ෂණයකදී එය රසායනික අවි ප්‍රහාරයක් බවට තහවුරු කරගෙන ඇති බව සඳහන්ය.
ප්‍රහාරයෙන් 11 හැවිරිදි දරුවෙකු සහ මසක් වයසැති බිළිඳෙකු ද තුවාල ලැබූවන් අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයට යොදාගෙන ඇති රසායනික ද්‍රව්‍ය කුමක්ද පිළිබඳව මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නොමැති බව වාර්තා වෙයි.
ප්‍රහාරය අයි.එස් සංවිධානය විසින් එල්ල කරන ලද්දක් බවට තහවුරු වී තිබේ.

Related posts

නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

Admin

සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් | උද්ඝෝෂකයින්ට වෙඩි ප්‍රහාර

colombotoday

අමෙරිකාවේ ගුවන් කලාපයත් රුසියාවට තහනම් වෙයි

colombotoday

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් ඉන්දීය සිසුවෙක් මරුට. අවසන් වරට ඇය තැබූ ට්විටර් පණිවිඩය මෙන්න

colombotoday

ඉස්ලාමය “අර්බුදකාරී” ආගමක් – ප්‍රංශ ජනපති පවසයි. ලොව පුරා මුස්ලිම් රටවල් ප්‍රංශ භාණ්ඩ වර්ජනයක

colombotoday

වසර දහසකට වඩා පැරණි අප්‍රිකාවේ යෝධ බයෝබැබ් ගස් අභිරහස් ලෙස මියයයි..

colombotoday