Colombo Today Local News

රට පාලනය කරන්නේ ආණ්ඩුවද? පාතාලයද? – ඤාණසාර හිමි

විලංගු දමා සිටින සැකකරුවන්ගේ ජීවිතවත් රැකගන්න බැරි වත්මන් ආණ්‌ඩුව රටේ ජාතික ආරක්‌ෂාව සලසන්නේ කෙසේදැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ප්‍රශ්ණ කරයි.

ජාතික ආරක්‌ෂාවට කිසිදු හානියක්‌ නැතැයි ආණ්‌ඩුව මාධ්‍ය ඉදිරියේ පාරම් බෑවද සත්‍ය කුමක්‌ද යන්න, මේ වනවිට සනාථ වී ඇති බවත් මේ වනවිට රට පාලනය කරන්නේ යහපාලන ආණ්‌ඩුවද? එසේ නැතිනම් වැළලී තිබී යළි මතුවූ පාතාලයද යන්න ප්‍රශ්නයක්‌ බවත් ඥනසාර හිමියෝ කියා සිටියහ.

එක්‌සත් ජාතික පක්‌ෂය බලයට පත්වූ සෑම අවස්‌ථාවකදීම රටේ පාතාල ක්‍රියාකාරකම් ඉහළ ගිය බවත් මෙවරද ඇතිවී තිබෙන්නේ එයම බවත් පැවසූ උන්වහන්සේ පාතාලය හිස එසවීම ජාතික බලවේගයන්ටද තර්ජනයක්‌ බවත් ආණ්‌ඩුවට එරෙහිව කටයුතු කරන තමන්වහන්සේලාට එරෙහිවද ‘කොන්ත්‍රාත්’ එකක්‌ දීමට බැරිකමක්‌ නැති බවත් පැවසූහ.

Related posts

රන්ජන් රාමනායක සමාජය සමූහ වශයෙන් දුෂණය කළා

colombotoday

රටපුරා මහ වැසි, තද සුළං… කාලගුණය පිළිබඳ “රතු නිවේදනයක්” නිකුත් කරයි

colombotoday

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට එයි

colombotoday

කොවිෂීල්ඩ් එන්නතේ ‘පළමු මාත්‍රාව ලබාදීම’ තාවකාලිකව අත්හිටුවයි

colombotoday

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් එක් කර නොගන්න – කොටි හිතවාදීන් ඉල්ලයි

colombotoday

ජවිපෙ 20 මැතිසබෙන් විසිවෙයි

colombotoday