Colombo Today Local News

නවක වදය දුන් සිසුන් 15 යළි රිමාන්ඩ්

නවක වදය ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 15 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ දින  (02) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවක වදය ලබාදුන් බවට එම විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් 15 දෙනෙකු පසුගිය මස 20 වැනිදා පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පොලීසිය ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ සැකකාර සිසුන්ගේ ජංගම දුරකථනවල නිරුවත් දර්ශන ඇත්ද යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ඒවා අදාළ ආයතන වෙත යැවීමට අවසර ලබාදෙන ලෙසයි.

ඒ අනුව අධිකරණය ඒ සඳහා අවසර ලබාදුන් බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

Related posts

කුරුඳුවත්ත බැංකුවක් අසලදී පුද්ගලයෙක් ගිනි තබා ගනී

colombotoday

ආංශික අධීක්ෂණ කාරක සභා මන්ත්‍රී නාමලේඛනය මැතිසබයට

Admin

රාජිත එන්නත කලුබෝවිලෙන් විද ගෙන

colombotoday

අගමැති විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින්

colombotoday

භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

Admin

අනතුරක් සිදුකර පලාගිය අයෙක් අත්අඩංගුවට

Admin