Colombo Today Local News

ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඇණිය විසිර යයි (Photos)

ප්‍රථම නාවික හමුදා මැරීන් බලඇණියේ විසිරයාමේ හා ලාංඡන පැළදවීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේ මන්නාරම, මුල්ලිකුලම් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාභරණ වයඹ නාවික නෞකා ප්‍රධාන මූලස්ථානයේ දී පැවැත්විණි.

මුල්ලිකුලම් වෙරළ තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකාය විසින් සතුරු කඳවුරකට කඩාවැදී මෙහෙයුම් සිදු කිරීම විදාහ දක්වන සංදර්ශනය නැරඹීමට ද ජනාධිපතිවරයා එක්ව සිටියේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, වයඹ, නාවික ආඥාපති රියාර් අද්මිරාල් පී.ආර්.බී.දිසානායක ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ද, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

අවුරුදු 10ක දරුවෙකු පණගැන්වූ යතුරුපැදියක ගැටී සිගිත්තියක් මරුට

colombotoday

ත්‍රී රෝද රථ හිමියන්ට අලුත් වාහන ගන්න මිලියන දෙකක ණයක්…

colombotoday

අද සිට රට පුරා විදුලිය කප්පාදුවන වේලාවන්

colombotoday

පාර්ලිමේන්තු සභාව නොවැම්බර් 19 දා පස්වරු 1 දක්වා කල් තැබෙයි

colombotoday

පොල්පිතිගම සමූපකාර ඡන්දයෙන් ජවිපෙට දැවැන්ත ජයක්.. 2/3 ඉක්මවා 3/4ට ආසන්නයි..

Admin

ගිවිසුමක් අහෝසියි.. මලික්ගේ ඇමරිකානු ඩීල් එක අතරමග ඇනහිටී (Video)

colombotoday