Gossip

වෙලේ ක්‍රිකට් ගසා ලොව හෙල්ලූ “අග්ගලා” ගුණේගේ මීට කලින් නාහපුවා

ඕස්ට්‍රේලියානු සංචාරයේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ නියමුවා මෙන්ම තරගාවලියේ වීරයාද වූ අසේල ගුණරත්නට අපූරු විනෝදාංශ කිහිපයක් ඇති බව වාර්තා වේ.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තෝරාගෙන ඇති අසේලගේ උපනු බිම මහනුවර කටුගස්තොට කොණ්ඩදෙනිය ගම්මානයයයි.

තිස්එක් වැනි වියේ පසුවන අසේලගේ පියා වෘත්තියෙන් රියදුරෙකි. නමින් ඔහු ඩී.ජී.කීර්ති ගුණරත්ය.

අසේලගේ මෑණියන් වන එම්.ජී. කමලාවතීය.

ගුණේ දක්ෂ ඩ්‍රම්ස් වාදකයෙක් බවත් පැවසේ. ඔහු නිවාඩු පාඩුවේ සිටින විට කොල්ලෝ කුරුට්ටං එක්ක වෙලේ ක්‍රිකට් ගහනවාට අමතරව වැඩියෙන්ම සිදුකරනු ලබන්නේ ඩ්‍රම්ස් වාදනය බව ඔහුගේ පියා කියා සිටී.

අසේලගේ අම්මා කමලාවතී මහත්මිය කියන්නේ අසේල වැඩියෙන් කැමැති සරල කෑමවලට බවයි.

බත් කන්න රුසියෙක්වන ගුණේගේ ප්‍රියතම කෑම සමපෝෂ හා අග්ගලා බවයි. ඒ අතර එළවළු තම්බලා කන්නත් මනාප බවද කමලාවතී මහත්මිය පවසන්නීය.

අසේල ශ්‍රී ලංකා පිලට එක්වූයේ මීට මාස අටකට පමණ ඉහතදී බව කියන ඔහුගේ පියා කීර්ති ඔහු ශ්‍රී ලංකා පිලට එක්වූයේ කෙසේද යන්න පිළිබඳවද තමාට නිනව්වක් නැති බව කියයි.

කටුගස් තොට රාහුලෙන් අකුරු කළ ගුණේ කටුගස්තොට රාහුල ක්‍රිකට් පිලට නායකත්වයද දී තිබේ.

ගුණේ විවාහකයෙකි. ඔහුට එක් පුතෙක් සිටී.

Related posts

යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහගේ ජීවිතය අහිමිවූ මාරාන්තික අනතුරු සිදුවුණ හැටි (Video)

colombotoday

කොරෝනා ගැන චිත්‍රපටයක්

colombotoday

කටුනායක ගුවන්තොටේ මූණ හෝදන බේසමෙන්, කකුල් හෝදන ඉන්දියානුවෙක් !

colombotoday

“මනු ගුණ දම් පිරුණු දැයක්“ වෙනුවෙන් රෝහිත රාජපක්ෂ + කාවින්ධ්‍යා අධිකාරී එක්ව ගයයි (Video)

colombotoday

උමාලි සාරංග ආදරය ගැන උමාලි යලිත් කතා කරයි

colombotoday

ලොව බලවත්ම සෙල්ෆිය “පුටින් සෙල්ෆි”

colombotoday