Colombo Today Local News

ලොව විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව හම්බන්තොට එයි

මෝටර් රථ හා ට්‍රක් රථ ප්‍රවාහනය කරනු ලබන ලොවන විශාලතම නෞකාව වන Hoegh Tracer, මාර්තු පළමු සතියේ දී හම්බන්තොට වරායට සේන්දු වීමට නියමිත බව වාර්තා වේ.

තට්ටු 14 කින් යුතු මෙම නෞකාව, වරකට මෝටර් රථ 8,500 ක් ප්‍රවාහනය කිරීමේ ශක්‍යතාවයකින් යුක්ත වේ.

මෙම සමාගමේ හිමිකාරීත්වය ඇත්තේ නෝර්වේ ඔස්ලෝ හි Hoegh Autoliners වෙතයි. මෙම නෞකා ගමනයේ දේශීය නියෝජිතයා ලෙසින් කටයුතු කරනු ලබන්නේ Diamond Shipping Services Ltd සමාගමයි.

හම්බන්තොට වරායට පැමිණෙන මෙම නෞකාවෙන් රැගෙන එන මෝටර් රථ විශාල ප්‍රමාණයක් එතැන් සිට තවත් රටවල් ගණනාවකට ප්‍රතිඅපනයනය කිරීමට නියමිතය.

Related posts

බෞද්ධ විහාරස්ථාන වෙත ලබා දුන් දානය නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක්

colombotoday

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 460ක් දක්වා ඉහලට

colombotoday

නිශ්පාදක සුමන්තිරන්, අධ්‍යක්ෂක රනිල්, කරු නළුවෙක් පමණයි…

colombotoday

ඉදිරි පැය 30 තුළ සුළි කුණාටු තත්වයක් ඇති වීමේ අවදානමක්

colombotoday

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති

colombotoday

ජනපති සිංගප්පුර් යනවා යැයි කියන ගුවන් යානය

colombotoday