Colombo Today Local News

බැදුම්කර පත්තරේට ගෙනා අති නවීන මුද්‍රණ යන්ත්‍ර වරායේ ගොඩබායි !

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ‘පර්පචුවල් ට්‍රෙසරීස් සමාගම‘ විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත පුවත්පත් ජාලය සදහා විදේශයකින් ගෙන්වූ අති නවීන මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් මෙ වන විටි වරායේ කන්ටේනර් පර්යන්තයේ ගොඩබා ඇත.

ඉහළම තාක්ෂණයෙන් යුතු මෙම මුද්‍රණ යන්ත්‍රවල වටිනාකම ඩොලර් මිලියන දහස් ගණනක් බවත්, ඒ සදහා ගෙවිය යුතු රේගු ගාස්තුව මෙතෙක් ගණනය කර නොමැති බවත් රේගු ආරංචි මාර්ග පවසයි.

දොම්පේ ප්‍රදේශයේ මේවන විට ඉදිවෙමින් පවතින අලුත්ම මුද්‍රණාලයට මෙම යන්ත්‍ර සියල්ල ගෙන යෑමට නියමිතය.

මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතන කිහිපයක කටයුතු කළ මාධ්‍යවේදීන් හා නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙකු මේ වන විටත් අලුතෙන් ආරම්භ කිරීමට නියමිත පුවත්පත් ආයතනය හා සම්බන්ධ වී ඇති අතර, ඔවුන්ට ඉතා ආකර්ශණීය දීමනා හා ඉහළ වැටුප් හිමිවන බව පැවසේ.

Related posts

තවත් මෙගා ඩීල් එළියට.. ඇමති කබීර් හෂීම්ගේ සභාපතිගේ නමත් පැනමා පත්‍රිකාවලින් එළියට එයි

colombotoday

ළමයින් තලා පෙළන රියැලිටි වැඩසටහන්වලට තිත ?

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය යට ගහන්න ඇතුළෙන්ම කුමන්ත්‍රණයක්

colombotoday

හම්බන්තොට රාජ්‍ය සේවකයාගේ සහය සජිත්ට අහිමි වෙයි… 68%කින් ගෝඨාභය දිනයි !

colombotoday

ඩයනාගේ පාස්පෝර්ට් නඩුවට වුන වැඩේ

Admin

රන්ජන්ට සමාව ඉල්ලා විපක්ෂ නායකගෙන් ජනපතිට ලිපියක්

colombotoday