Colombo Today Local News

හිරිහැර නිමක් නෑ.. ගෝඨා දැඩි කළකිරීමෙන්.. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමත් සැක සහිතයි !

වත්මන් ආණ්ඩුව දේශපාලනික වශයෙන් තමාගෙන් පලිගැනීම් නිසා දැඩි කළකිරීමට පත්ව සිටින බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) පැමිණ ඊයේ (17) ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. සදහිරු සෑයේ ධාතු තැන්පත් කිරීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි කියමින් ප්‍රශ්න කිරීම සදහා ඔහු මූල්‍ය අපාරාධ කෝට්ඨාසයට කැදවා තිබිණි.

මීළග ජනාධිපතිවරණට එන්නේද කියා තමන්ගේ අදහසක් නැති බවද රාජපක්ෂ මහතා කියා සිටියේය.

තමන් රාජකාරියට සාධාරණය ඉෂ්ඨ කල නිලධාරියෙකු බවත්, රටට මෙතරම් සේවයක් කර තිබියදී දිගින් දිගටම සිදුවන මෙවැනි දෑ සම්බන්ධයෙන් දැඩි කළකිරීමට පත්ව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

බදුර්දීන්ගේ කුළීකරුවෝ සගවන විල්පත්තු සංහාරයේ ඇත්ත මෙන්න !!

colombotoday

චීනයේ ලාංකික සිසුන් 150ක් ප්‍රථම අදියරේ ගෙන්විම ඉදිරි පැය 48 ඇතුළත

colombotoday

කටුනායක වැසෙයි.. මත්තල පිරී ඉතිරෙයි

colombotoday

රිය අනතුරකින් අවුරුදු 7ක දැරියක් මිය යයි

Admin

ගෝඨාබය ජනාධිපති අපේක්ෂකයා ලෙස 11 වනදා නම් කළහොත්, ශ්‍රිනිපයෙන් මෛත්‍රී ජනපති සටනට ඒම ස්ථිරයි

colombotoday

“මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා.ජනපති තමන්ගේ දේ කර ගන්න අනිත් අය භාවිත කළා.”

colombotoday