Colombo Today Local News

මඩකලපුව, එරාවූර් විහාරස්ථානයක වැඩ සිටි හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි !!

එරාවූර් පුන්කුඩා හි පිහිටි පුංඤාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ ජර්මන් ජාතික භික්ෂුවක් අභිරහස් ලෙස අපවත් වී ඇති බව පොලීසිය පවසයි.

හික්කඩුවේ පුංඤරතන (අවු:72) නම්වූ මෙම හිමියන් අපවත් වී ඇත්තේ මාරවිල සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිටියදීයි. උන්වහන්සේගේ ගිහි නම Rolf Wermer නම් වන බවද පැවසෙයි.

අපවත්වී ඇති ස්වාමීන් වහන්සේ නිරන්තර මාරවිල ප්‍රදේශයට පැමිණ මෙම සංචාරක හෝටලේ ලැගුම් ගැනීම සිරිතක් කරගෙන සිට ඇත.

පසුගිය 13 වැනිදාද උන්වහන්සේ හෝටලය පැමිණ නවාතැන් ගෙන ඇති අතර 14 වැනිදා දහවල් වන තුරු අවදි නොවීම සම්බන්ධයෙන් සොයා බලන විට කාමරය තුළම මිය ගොස් ඇති බව සේවකයෙකු දැක තිබේ.

පසුව මේ බව මාරවිල පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පශ්චා මරණ පරීක්ෂණය සදහා දේහය හලාවත මහා රෝහල වෙත රැගෙන ගොස් ඇත. ස්වාමීන්වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් පර්මන් තානාපති කාර්යාලයට දැනුම්දීමටද මාරවිල පොලීසිය කටයුතු කර තිබේ.

Related posts

අඩු ආදායම්ලාභීන්ට රැකියා ලබා දෙන කමිටුවෙන් දේශපාලකයින් ඉවතට..! සියලූම පත්වීම් සුදුසුකම් මත

colombotoday

ඌරු මස් කෑම අවධානම්

Admin

අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර

Admin

සහරාන් හෂීම් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කතුන් දෙදෙනෙක් තාම නිදැල්ලේ

colombotoday

උපදින දරුවන් ප්‍රමාණයටම නූපන් දරුවන් මරා දමන රටක් මේ… දිනකට ගබ්සා 700 – 800ක් !

colombotoday

මහින්දගේ නිවසේ කුලිය ලක්ෂ 46යි ජනපතිගෙන් මහා හෙළිදරව්වක්

Admin