ඉන්දියන් සාගරය තුළ ශ්රී ලංකාව තවත් කොළණියක් බවට පත්කර නොගන්නැයි චීනය විසින් ඉන්දියාවට දන්වා ඇතැයි ලෝක ප්රකට ෆෝබ්ස් සගරාව පවසයි.
එම සගරාවේ පලකර ඇති ලිපියකින් වැඩි දුරටත් සදහන් කරන්නේ, චීනය ලංකාවේ සිදු කරනු ලබන ආයෝජන සම්බන්ධයෙන් ඉන්දියාව දිගින් දිගටම දැඩි අවධානයකින් පසුවන බවයි.
ශ්රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉදිරි වසර පහ සදහා ඩොලර් බිලියන 05ක මුදලක් චීනය ආයෝජනය කිරීමට සූදානම් වන බව ද එම ලිපියේ සදහන් කරයි.