Colombo Today Local News

උද්ඝෝෂණ, විරෝධතා මඩින්න සුනඛයන් කැදවයි !!

රට තුළ දිනෙන් දින විරෝධතා, උද්ඝෝෂණ උත්සන්න වීමත් සමග එම විරෝධතා මර්ධනය කිරිම සඳහා මෙතෙක් යෙදවූ පොලිස් කැරලි මර්දන කණ්ඩායම්වලට අමතරව ‍පොලිස් අශ්වාරෝහක සහ ‍පොලිස් නිල සුනඛයින් යෙදවීමට අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

පොලිස් සුනඛයින් යෙදවිමේ කටයුතුවල මූලික සුනඛ පුහුණු කටයුතු අවසන් කර ඇති බවද වාර්තා වේ. ඒ සඳහා විශාල මුදලක් වැය කර ස්වීඩනයෙන් සහ ස්කොට්ලන්ඩ්යාඩ්වලින් පැමිණ කැරලි මර්දන විශේෂඥයන් පිරිසක් ‍පොලිස් නිල සුනඛයින්ට පුහුණුව ලබා දීමේ කටයුතු සිදු කර තිබේ.

එම රටවල උද්ඝෝෂණ විසුරුවා හැරීමට ඉතා සාර්ථක ලෙස අශ්වයින් සහ සුනඛයින් යොදාගන්නා බව ඔවුන් පෙන්වා දී ඇත.

මහනුවර ‍පොලිස් නිල සුනඛ මූලස්ථානයේදී වීඩියෝ දර්ශන පවා ප්‍රදර්ශනය කරමින් පොලිස් නිල සුනඛයින් 30 දෙනෙකුට මෙම පුහුණුන ලබා දුන් බව පැවසේ.

උද්ඝෝෂණයක් සාමකාමීව පැවැත්වීමේදී සුනඛයා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටින බවත් උද්ඝෝෂකයන් කලහකාරී වෙමින් ගල්මුල් ප්‍රහාර එල්ල කර කලබල කරන විට සුනඛයා ඊට ප්‍රතිචාර දක්වන බවත් නිල සුනඛ අංශයේ උසස් ‍පොලිස් නිලධාරියෙක් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

Related posts

කදිරගාමර් ඝාතනයේ සැකකරුවන් ජර්මනියේදී අත්අඩංගුවට…

colombotoday

හිරේ ඉන්න රංජන්ට උසස් අධ්‍යාපනයට වරම්.

colombotoday

කසල තේ කිලෝ 15842ක් ගම්පොළදී අල්ලයි

Admin

බදු වැඩි කිරීම ගැන ඉතා සතුටුයි.. දුප්පතුන්ට කිසි අවුලක් නෑ.. වරද රාජපක්ෂලාගේ

colombotoday

20 විරෝධයක් ගැන තමන්වහන්සේව දැනුවත්ව කර නෑ – රාමඤ්ඤ මහා නිකායේ මහනායක හිමි කියති

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශ කිහිපයක් වසයි

colombotoday