Colombo Today Local News

යුද අධිකරණයට පෙර නව ව්‍යවස්ථාව ගෙන එන බව ජනපති පවසයි !!

ජිනීවා මානව හිමිකම් කොමිසම නිර්දේශ කළ යුද අපරාද සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා වූ අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට රජය තීන්දු කර තිබේ.

යුද්ධයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සදහා යොදාගත යුතු යාන්ත්‍රණය පිළිබදව නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් පිහිටුවනු ලැබූ ‘සංහිදියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බළකා‘ කමිටුවේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.

“සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරීමට වඩා ව්‍යවස්ථා සංශෝධන ප්‍රමුඛත්වයෙහි ලා සලකන බව ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කළේය,” යි සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය පවසයි.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන අධිකරණ යාන්ත්‍රණයට විදේශීය විනිසුරුවන් දායක කරගතයුතු බවට මෙම කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කාර්ය සාධක බලකායේ ලේකම්වරයා ලෙස පාක්‍යසෝති සරවණමුත්තු කටයුතු කළ අතර, ආචාර්ය මනෝරි මුත්තෙට්ටුවේගම එහි සභාපතීත්වය දැරීය. ගාමිනී වියන්ගොඩ, විසාක ධර්මදාස, ශාන්ත අභිමානසිංහම්, මහාචාර්ය සිත්‍රලේගා, කේ.ඩබ්ලිව් ජනරංජන, යාපන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දය සෝමසුන්දරම්, ෆර්ස්නා හනීෆා, මහාචාර්ය ගමීලා සමරසිංහ, මරික් රහීම් එහි සාමාජිකයන් ලෙස කටයුතු කළේය.

Related posts

මහියංගණයේදී වෑන් රථයක් බසයක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙක් මරුට

colombotoday

තැඹිලි ඩොලර් කරන්න වැඩපිළිවෙළක්

Admin

එන්නත් මාත්‍රා දෙකක් ගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්

colombotoday

ලංකාව නිසා චීනය – ඉන්දියාව ඇවිළෙයි.. චීන මාධ්‍යයෙන් ඉන්දියාවට තර්ජණයක් !

colombotoday

පුරාවිද්‍යා නීති කඩා වවුනියාවේ, වඩිනාගල බෞද්ධ සිද්ධස්ථාන නටබුන් මත හින්දු කෝවිලක් හදලා

colombotoday

පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හෙට ඇරඹෙයි

colombotoday