Colombo Today Local News

ගෝඨා අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම ගැන රාජිත කණගාටුවෙන් !!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ මිග් ප්‍රහාරක යානා ගණුදෙනුව පිළිබදව සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතියක් දක්නට නොලැබීම සැකකටයුතු බවත්, පසුගිය පාලන සමයේ සිදුවූ මහා පරිමාන වංචා දූෂණ පිළිබද පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන මන්දගාමී ස්වභාවය හේතුවෙන් රජය බලවත් අපවාදයට ලක්ව ඇති බවත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමතිවරයා එබව පැවසුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දීය.

ඩුබායි බැංකු ගිණුම් පිළිබදව, රගර් ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය ඇතුලු මහාපරිමාන දුෂණ හා වංචා ගැන පරීක්ෂණ ද කඩිනම් කලයුතු බව පැවසු ඇමතිවරයා, ” සුළු සිද්ධින් පිළිබදව පරික්ෂණ පැවැත්වීමෙන් රජයට අපවාදයක් එල්ල වී තිඛෙනවා. එම නිසා යහපාලනය ආරක්ෂා කිරීමේ වගකීමක් අපට පැවැරී තිඛෙනවා. ” යයි කියා සිටියේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, ඒ සඳහා දේශපාලන අධිකාරියෙන් අවසර ලැබෙන තුරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සූදානමින් සිටින බවත් එම ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල වෙබ් අඩවි පසුගිය සති අන්තයේ වාර්තා කර තිබිණි.

පසුගිය ආණ්ඩුවේ ධීවර ඇමතිව සිටියදී කරන ලද මහා පරිමාණ වංචා දූෂණ හා නැව් මිලදී ගැනීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට ද චෝදනා එල්ලවී ඇති අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිළි කර ඇතත් ඒ පිළිබද පරීක්ෂණ සිදුකිරීම අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම හිතාමතාම අතහැර දමා ඇතැයි පැමිණිළි කළ පාර්ශව පවසයි.

Related posts

පොහොට්ටුවට සහය දීමට බැරිනම් ගමේ ආණ්ඩු එජාපය සමග හවුලේ බෑ..  ශ්‍රීලනිප ඇමතිලා ජනපතිට දන්වයි

colombotoday

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රාජ්‍ය ආයතන ලක්ෂ 90ක් ණයයි

colombotoday

මානව හිමිකම් කොමසාරිස්‌ ‘ඊළාම් ආණ්‌ඩුව’ පිළිගනී

colombotoday

“ඊශ්‍රායලයත් එක්ක යාලුකම් එපා! ඒවට අපි කැමති නෑ” ආණ්ඩුවේ ඊශ්‍රායල් හිතවත්කම ගැන අසාත් සාලි කෝප වෙයි.

colombotoday

තිලක් මාරපන විදේශ අමත්‍යදුරයෙන් ඉවත් කිරීමට ජනපති අවධානය

colombotoday

හෙල්මට් නැතුව ගිය මන්ත්‍රීට දඩ ගැහු පොලිස් නිලධාරීන්ට ගල් ගහලා

colombotoday