Colombo Today Local News

SAITM ගැසට් කළෙත් මමයි.. අධිකරණ තීන්දුව ගැන එස්.බී සතුටින් !

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් තමන් සතුටෙන් පසුවන බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක පවසනවා.

එම ආයතනයේ අධිපති නෙවිල් ප්‍රනාන්දුට තමාගේ සුබපැතුම් එක්කර සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ උපාධී ලබාදීමේ ආයතනයක් ලෙස සයිටම් ආයතනය ගැසට් කළේ තමන් උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී  බවයි.

ඒ සඳහා රජයේ සියලුම වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන්,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත් බවද ඔහු සඳහන් කළා.

තමා උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ඉංජිනේරු උපාධි ලබාදීමේ ආයතන 07කට සහ තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල 11කට උපාධි ලබාදීම සඳහා අවසර දෙමින් ගැසට් නිවේදන නිකුත් කළ බව අමාත්‍යවරයා කියා සිටියේ.

Related posts

මංගලගේ මිල සූත්‍රය මළ සූත්‍රයක් වගෙයි…

colombotoday

රවි කරුණානායක මන්ත්‍රිතුමා ඉතාම නිවැරදියි.මිළ ඉහළ දැම්මේ තෙල් මත අධික බදු බරක් පටවලා තිබෙන නිසා. ගම්මන්පිල

colombotoday

ගාලුමුවදොර යෝධ නත්තල් ගහට යළි අවසර දුන් හේතුව අගරදගුරුතුමන් කියයි

colombotoday

ලොකු ලූනු මුවාවෙන් ගෙන්වූ කහ

colombotoday

ගූගල් බැලුන් උඩ යැවූ හරීන් ප්‍රනාන්දුට දුෂණ චෝදනා රැසක්….

colombotoday

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළට

colombotoday