Colombo Today Local News

පෙරටුගාමීන් “ඉල් විරුවන්” සහ “කොටි විරුවන්” හවුලේ සමරන්න යයි, යාපනේ පුරා පොස්ටර් අලවලා

poster ff
‘මේ කාර්තිකෛ විරු සමරුව’ මේ වීරයන්ගේ මාසයයි නමින් පෙරටුගාමී සමාජවාදි පක්ෂය යාපනයේ අලවා ඇති පෝස්ටරය

යුද්ධයේදී මියගිය කොටි කාඩරයන් සැමරෙන කොටි මහා විරු සැමරීමට සමගාමීව 71 සහ 89 කැරැල්ලෙන් මිය ගිය ජවිපෙ සාමාජිකයන් සැමරෙන ඉල් මහ විරු සමරුව හවුලේ සැමරීමට ආරාධනා කරමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂය යාපනයෙ ප්‍රදේශ කිහපයක පොස්ටර් අලවා ඇත.

කොටි මහ විරු සමරු මාසය ලෙස නොවැම්බර් මාසය කොටි සංවිධානය විසින් නම් කර ඇති අතර ජවිපෙ මියගිය සාමාජිකයන් සැමරෙන ඉල් මහ විරු සමරුව යෙදී තිබෙන්නේ ද නොවැම්බර් මාසයේ ය. එම සැමරීම හවුලේ සැමරීම සදහා ‘මේ කාර්තිකෛ විරු සමරුව’ ලෙස සදහන් පොස්ටර් මෙසේ අලවා ඇත. කාර්තිකෛ මාසය යනුවෙන් හැදින්වෙන්නේ කොටි සංවිධානයේ ජාතික පුෂ්පය ලෙස නම් කර තිබු නියඟලා හෙවත් කාර්තිකෛ මල් පිපෙන සමයයි.

ජනතා විමුක්ති පෙරමුණෙන් බිදී ගිය කණ්ඩායමක් වන පෙරටුගාමි සමාජවාදී පක්ෂය එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස නොසලකන අතර ඔවුන් ත්‍රස්තවාදීන් හදුන්වන්නේ විමුක්තිකාමීන් ලෙසය.

 

 

Related posts

පූගොඩ ඇස්වත්ත මැණික් ඉල්ලම හොරට ගරාගන්න පොලිස් ලොක්කෝ බරටම වැඩ

colombotoday

කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

රැඳවියාට ගෙනා කිරිබත් පාර්සලයෙන් කුඩු පැකට් 29ක් මතුවෙයි

Admin

රජයේ මූල්‍ය කටයුතුවලට හා මහ බැංකුවට ජනපති මැදිහත් වෙන්න යයි !

colombotoday

පාර්ලිමේන්තුවට මල්වඩමක්

colombotoday

නීතිඥ සංගම් නිලවරණයෙන් සාලිය පීරිස් ඉදිරියෙන්

colombotoday