Colombo Today Local News

“ට්‍රම්ප්ගේ තීන්දුවල වාසිය ගැනීමටනම්, විදේශ ඇමතිකම ශ්‍රීලනිපයට ගන්න“ – දයාන් ජයතිලක

අමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීන්දුවල වාසිය ශ්‍රි ලංකාවට ලබා ගැනීමට නම් වත්මන් ආණ්ඩුවේ විදේශ අමාත්‍ය ධුරය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතට ගත යුතු බව හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා ‘ගොසිප්’ වෙබ් අඩවියකට පවසා ඇත.

වත්මන් විදේශ අමාත්‍යවරයාගෙන් එවැනි තත්ත්වයක් පෙනෙන්නට නොමැති බව ද ඔහු එම වෙබ් අඩවියට කියා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගන්නා තීන්දු ඔස්සේ ශ්‍රි ලංකාවට වාසිදායක තත්ත්වයන් නිර්මාණය වීමේ ඉඩකඩක් ඇති බව ආචාර්ය දයාන් ජයතිලක පැවසු බවත්, ඔහු මෙම අදහස් පළ කළේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ධුරයෙන් නිෂා බිෂ්වාල් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපති ධුරයෙන් සැමන්තා පවර් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් බවත් එම පුවතේ දැක්වේ.

Related posts

මින් පසුව රජයේ කිසිඳු උත්සවයක් පෞද්ගලික හෝටල්වල ගැනීම තහනම් !

colombotoday

බදු වැඩි කිරීම ගැන ඉතා සතුටුයි.. දුප්පතුන්ට කිසි අවුලක් නෑ.. වරද රාජපක්ෂලාගේ

colombotoday

ඊශ්‍රායලයේ දී අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා හඳුනාගනී

Admin

ශ්‍රී ලංකාවට බාල ඖෂධ සැපයූ ‘ඉන්දියානා’ සමාගමට එරෙහිව විමර්ශනයක්

Admin

8වෙනිදා විවාදය ගැන ඒකාබද්ධය – ද්‍රවිඩ සන්ධානය එක මතයක..

colombotoday

මැතිවරණ කොමිසමට බලපෑම් කිරිමට කිසිවෙකුටත් නොහැකියි – මැකෝ

colombotoday