Colombo Today Local News

අතුරුදන්වූ දරුවකු හොයන්න ඇමති තෙවරප්පෙරුම කට්ටඩියෙක් රැගෙන එයි

කළුතර මීගහතැන්න ප්‍රදේශයේ 13 හැවිරිදි දරුවෙකු අතුරුදන්වී ඇති බව ඔහුගේ මව්පියන් පවසනවා. මේ පිළිබඳව මීගහතැන්න පොලිසියට ද පැමිණිලි කර තිබෙනවා.

නිපුණ රුක්ෂාන් මීගහතැන්න මහා විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. කළුතර කහටගල්ල මිගස්තැන්න ප්‍රදේශයේ පදිංචි නිපුණු පසුගිය බදාදා පාසල නිමවී පැමිණීමෙන් පසුව නිවස ආසන්නයේ බෝගස අසලට ගොස් ඇති බවයි මව්පියන් පවසන්නේ. ඉන් අනතුරුව ඔහු අතුරුදන්වී ඇති අතර මව්පියන් පසුව ඒ පිළිබඳව මීගහතැන්න පොලිසියට ද පැමිණිලි කර තිබෙනවා.

මේ දක්වාම ඔහු පිළිබඳව කිසිදු ආරංචියක් නොලැබුනු අතර ඊයේ රාත්‍රියේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මෙම නිවසට පැමිණියේ කපු මහතෙකු ද සමගයි.

කිසියම් පුද්ගලයෙකු දරුවා තිඹිරිගස්යාය ප්‍රදේශයේ කම්කරු නිවාසයක සිරකර තබා ඇති බව අංජනම්කරු පැවසූ බවයි මව්පියන් ප්‍රකාශ කළේ. අනතුරුව දරුවා රටින් පිටකිරිමේ උත්සහයක් ද පවතින බව පැවසූ අංජනම්කරු අද දිනය තුළ දරුවා නැවත හමුවන බව ද සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් එය ඉටුවීමට නම් ඊයේ මධ්‍යම රාත්‍රිය අවසන් වීමට පෙර කන්දෙ විහාරයට පූජාවක් පැවැත්විය යුතු බවට ඔහු සඳහන් ඇති බැවින් නිවැසියන් කන්දේ විහාරයට ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් දරුවා අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ද ක්‍රියාත්මකයි.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්න මුහුදේ පවතින ද්‍රව්‍යයන් 54 ක් හඳුනා ගනී

colombotoday

ගාසා තීරයේ සිටි ලාංකිකයින් 13 දෙනෙකු ඊජිප්තු දේශසීමාවේ පවතින රෆා පිවිසුම අසලට

Admin

අද විදුලිය කප්පාදු කෙරෙන කාලසටහන මෙන්න

Admin

නීතිවිරෝධි වැලි කැනීම් ඇතුලු ජාවාරම් වලට එරෙහිව දැඩි පියවර

colombotoday

දේශබන්දු වෙනුවට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

colombotoday

ගුවන් ටිකට් මිල 27% කින් ඉහළට

colombotoday